
නාරහේන්පිට, දාබරේ මාවතේ මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා ගිනිනි වන රථ 13ක් කැඳවා ඇතැයි ගිනි නිවන හමුදා ඒකකය පවසයි.
ඒ සඳහා අවට පිහිටි ගිනි නිවීමේ ඒකකවල ගිනි නිවන රථ එම ස්ථානයට කැඳවා ඇත.
නිවාස සංකීර්ණයේ ඉහළ මහලයක ගින්න හටගෙන ඇති අතර එහි සිටි පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.
ඒ සඳහා ස්කයිලිෆ්ට් රථ කීපයක් ද එම සථානයට ළඟවී ඇත.
න්න හට ගැනීමත් සමඟ පිටවීමේ දොරටු සිරවී ඇතැයි තහවුරු නොවූ ආරංචි මාර්ග කියයි.
ගින්න හටගත් නිවසේ සිරවී සිටි දරුවන් දෙදෙනකු සහ කාන්තාවක බේරාගෙන ඇත.
(ඡායා ගයාන් අමරසේකර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd