(එෆ්.අස්ලම්)
උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමුකරන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙමළ ජාතික සන්ධාන පිරිවර හමුවේ අද (9) පොරොන්දු වී තිබේ.
මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරු 2.00ට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින් හමුවිය.
ඉන්දීය තානාපතිවරයාගේ නිල නිවසේ මිනිත්තු 8 ක පමණ කාලයක් පැවති මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ධර්මලිංගම් සිද්ධාර්ථන්,එම්.ඒ.සුමන්තිරන්,සෙල්වම් අඩෙයිකලනාදන්,මාවෙයි සේනාධිරාජා යන මහත්වරු ද සහභාගී වූහ.
ජනවාර්ගික අර්බුදයට ස්ථිර විසදුම් ගෙන ඒමේ අරමුණින් 1987 ඉන්දු ලංකා ගිවිසුමට අනුකූලව පුළුල් බලතල විමධ්‍යගත කිරීමක් සිදුකර නැති බවත් ඉන්දීය රජයේ මැදිහත්වීම මත නොබෙදුණු එක්සත් ලංකාවක් තුළ වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල දේශපාලන විසඳුමක් ජාතික ගැටළුවට ස්ථීර විසදුමක් වශයෙන් ලබාදිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබිණි.
තමන් ඒ බව දන්නා බවත් දේශපාලන විසඳුම් ගෙන ඒම වෙනුවෙන් තමන් දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පියවර ගන්නා බවත් මෝදි මහතා දෙමළ ජාතික සන්ධානයට මෙහිදී පොරොන්දු වී තිබේ.
එමෙන්ම පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් නවීකරණය කර ඉන්දියාව හා පලාලි අතර ගුවන් සේවයක් අරඹන ලෙසට දෙමළ ජාතික සන්ධානය කරන ලද ඉල්ලීම කෙරෙහි ද අවධානය යොමු කරන බවද මෝදි මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.
මීට අමතරව උතුරේ ජාතික ගැටළුව ඇතුළු දෙමළ ජනතාවගේ ගැටළු හා ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් නව දිල්ලියේ දී හමුවී සාකච්ඡා කළයුතු බවට දෙමළ ජාතික සන්ධානය මෙහිදී ඉන්දීය අගමැතිවරයා හමුවේ අවධාරණය කර ඇත.
දෙමළ ජාතික සන්ධානයේ එම ඉල්ලීම පිළිගනිමින් ඒ සඳහා කඩිනමින් අවස්ථාවක් සලසා දෙන බවට ඉන්දීය අගමැතිවරයා මෙහිදී පොරොන්දු වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ එහෙම ජනවාර්ගික ගැටලුවක් නෑ. තිබුණත් ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලබාදෙන්න ඔහේ කවුද? බලයෙන් උමතු වෙලා අදාල නොවන ප්‍රශ්නෙකට අතදාලා නිකන් නැහෙන්න එපා...
එයා ලංකාවෙත් රාජ්‍ය නායකයාද?
ලංකාව ස්වාධීන රටක්... අපේ ප්‍රශ්නවලට කාගෙවත් මැදිහත් වීමක් අවශ්‍ය නැහැ. එහෙමනම් ඉන්දියාවේ තියෙන කාෂ්මීර ප්‍රශ්නෙට අපිත් මැදිහත් වෙන්න වෙනවා. සම්බන්ධන් ඇතුළු ඔය ජාතිවාදීන් ටැමිල් නඩුවට අරගෙන යනවානම් අපේ රටට කරන ලොකු උදව්වක්..
විද්දේ හාවට වැදුනේ පඳුරට!
අර ජාතිමාමක උදවිය රට, ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැද්ද?
මේ රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. රටේ කාටත් සමානව හා සමාන බලය සහිතව ජීවත්වීමේ නිදහස තිබිය යුතුයි. අලුත් ව්‍යවස්ථාවක් ගේන්ට මූලික කටයුතු කරලා මග ඇරියා මේ ආණ්ඩුව...
මේ රටේ එහෙම ජනවාර්ගික ගැටලුවක් නෑ. තිබුණත් ඒ දේශපාලන බලය ලබාගෙන රජවීමේ උමතුවක් මිස සිවිල් ජනතාවට බලපාන කිසිම ගැටළුවක් නෙවේ. අනෙක මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්න... මෝඩි කවුද? එයා අපේ රටේ බාරකරයාවත්, අයිතිකාරයාවත් නෙවේ. මෝදිට නෙවේ.. ට්‍රම්ප්ට කීවත් මේ යන විදිහ වෙනස් කරන්න බැහැ. උන්නු විදිහට රටේ සාමයෙන් හා සමගියෙන් ඉන්නවා මිස වෙන කිසිම දෙයක් වෙන්නෙත් නැහැ. අපේ රටේ පාලනයට එන කිසිම පාලකයෙකුට ඔවුන්ට ඕනේ විදිහට නටන්න දෙන්නෙත් නැහැ. ඒක මෝදිත්, දෙමළ සංධානෙත් අපේ රටේ ඉන්න හා එන්න බලාඉන්න නායකයිනුත් හොඳින් මතක තබා ගත යුතුයි. මේක සිංහල රට... ඉන්න හැමෝටම සමාදානව තමන්ගේ ආගමක් අදහන්න පුළුවන්...
තමන්ගේ රටේ ජනවාර්ගික ප්‍රශ්ණ විසඳගන්න බැරි හාදයා අනුන්ගේ රටවල ප්‍රශ්න විසඳන්නේ කොහොමද?
අනේ ඔබතුමා ඔය කට්ටියම අරන් යන්නකෝ... මොකද එයාලගේ රට ලංකාව නෙමෙයි, තමිල්නාඩුවේ...
අපිත් දෙනවා කාෂ්මීරයට හොඳ විසඳුමක්.. තමන්ගේ අතේ තියන පොල් පරාලය පේන්නේ නැහැ. අනුන්ගේ අතේ තියන පොල්කෙන්ද පේනවා. එයා හිතාගෙන ඇති ලංකාව ඒ ගොල්ලන්ගේ අන්තිම ප්‍රාන්තය කියලා...
ආයෙත් නොමිලේ පුහුණු වීම් දෙන්ටද දන්නේ නැහැ පොරොන්දු වුනේ.
ඉන්දියාව අපෙන් ණය සහ ආධාර ගන්නේ නෑනේ. ඒක නිසා අපිට කාශ්මීර ප්‍රශ්නයට මැදිහත් වෙන්න දෙන්නේ නෑ. හිඟන්නන්ට මොන බලයක්ද සෑම් මහත්තයෝ...?
ජනාධිපති, අගමැති හමුවුණා, ගහක් හිටෙව්වා, දිව්‍ය භෝජන තිබ්බා. කොච්චිකඩේ පල්ලියට ගියා ඒත්... හයිලයිට් කරන්නේ සම්බන්ධන්ට දුන්නු පොරොන්දුව.. අපි කොච්චර පව් කරලා ඇතිද?
දැන් මොකක්ද දන්නෑ ඔය ජනවාර්ගිය අර්බුදය. ඔච්චරටම ආදරෙයි නම් උතුරු නැගෙනහිර ඉන්දියාවෙ කොලනියක් කරලා ලියලා දෙන්නෙ තියෙන්නෙ.
ඉන්දියාව බලවත් වෙන්න පුළුවන් ඒ වගේම ඉන්දියාව ඉතාම දුර්වල රාජ්‍යයක්. ඉන්දියාවේ හැම පළාතකම දරුණු ප්‍රශ්න තියෙනවා. ඉන්දියාවෙන් පිටත් ඉන්දියාවට බලපාන නොයෙක් ප්‍රශ්න තියෙනවා. ඉන්දියාවේ පකිස්තානෙත් එක්ක ප්‍රශ්න, ඉන්දීය චිනේත් එක්ක ප්‍රශ්න, ඇසෑම් ප්‍රාන්තේ ගැටුම්, නගලන්තේ වෙනම ගරිල්ලා සටන්, මාවෝ වාදීන් වෙනම කොටසක් ඉන්දියාවෙන් ඉල්ලලා සටන් කරනවා. කාශ්මීරේ මුස්ලිම් අන්තවාදී ගැටුම්.. ඉන්දියාවට ඕනේ තරම් ප්‍රශ්න තියෙනවා විසදගන්න. ඒ අතරේ එයාලට ලංකාවත් එක්කත් ප්‍රශ්න හදාගන්න ඕනේ නැහැ. මෙතන ඔය කියන තරම් ඉන්දියාව බලවත් හෝ ඔවුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ.
නෑ අපි පලාලි ගුවන් තොට පාවිච්චි කරන්නේ රට තුල සිදුකරන අභ්‍යන්තර ගුවන් තොටක් ලෙසට මිස මෝදීගේ උවමනාවට හෝ වෙනත් ජන කොටසකගේ ඉල්ලීමකට නොවෙයි. ඒ තීරන ගන්නේ රජයේ ආරක්ෂාව පිළිබද කරුණු සැලකිලිමත් ලෙස සලකා බලා. මත්තල හදලා දුවන්න බැරිව විකුණන කතා මැද්දේ පලාලි හදල ඉන්දියාවට විකුණන එක ගැන අහන්න දෙයක් නැහැ. ආගමන විගමන කටයුතු එක තැනකින් නොකොළොත් කොරේ පිටට මරේ ....
ගිවිසුමක් ආරක්ෂා කරන්න ගිවිසුම අත්සන් කරපු පාර්ශව කිහිපයම බැදී සිටිනවා ,ගිවිසුම අත්සන් කරලා කෙටි කලකින් කොටි සංවිධානය විසින් මුලින්ම ලංකාවේ සාමාන්‍ය මනුෂ්‍යයන් ඝාතනය කලා , ඉන්පසුව ඉන්දියන් සම සාධක හමුදාවට පහරදී භටයන් ගාතනය කලා ඉන් පසුව ගිවිසුමේ පාර්ශව කරුවෙකු ලෙස ක්‍රියා කළ රජිව් ඝාන්දී මර දැම්ම , කොටි සංවිධානය මේ විදිහට එම ගිවිසුම කඩ කරලා තිබෙන්නේ දශක තුනකට පමණ පෙර , එම නිසා ඉන්දුලංකා ගිවිසුමක් ගැනත් බලය බෙදීමක් ගැනත් දැන් කතාකිරීම විහිළුවකි , ලංකාවට පළාත්සභා වැනි ආයතන වලින් වැඩක් නැත නමුත් ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම වියවස්තාවට අනුව සෑම පුර වැසියෙකුට එක හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතුය සුළු ජාතිකයන් නිසා ඔවුන්ට යම්කිසි අයිතිවාසිකමක් අඩු වෙන් හෝ වැඩියෙන් ලැබිය යුතු නැත , නිතිය හැමට එකහා සමාන විය යුතුය , මුස්ලිම් මනුෂ්‍යාට වෙන නීතියකුත් , උතුරේ දෙමල මනුෂ්‍යය්ට වෙන නීතියකුත් , සිංහලයට තව නීතියකුත් තිබෙන තුරු මේ රට අවුල් වියවුල් වලින් පිරි පවතිනු ඇත . දෙමල මුස්ලිම් මිනිස්සු කොළඹ වියාපාර කරනවා , ආගම නිදහසේ අදහනවා නම් , නිවාස සාදාගෙන පදිංචි වෙලා ඉන්නවා නම් , සිංහල අපිටද එම කටයුතු උතුරු නැගෙන හිර කිරීමට නිදහස තිබිය යුතුය ,
සිංහල සංවිධාන එකක්වත් යනවද හම්බවෙන්න?
උතුරු නැගෙනහිර දෙකම මෙයාලට කතා කරන්න බෑ. උතුරේ ප්‍රශ්නය දෙමළ සංධානය එක්ක. නැගෙනහිර ප්‍රශ්නය මුස්ලිම් දේශපාලකයන් එක්ක නේද?
හැබැයි මතක තියාගන්න. කව්රු දේශප්‍රේමය කටේ ගාගෙන ආවත් මේවා සිදු වෙනවා. බලයට ආවාට පස්සේ මේවා වෙනස් කරන්න යන්නෙත් නෑ. ඡන්දය දුන්නු මිනිස්සු මෝඩයෝ වෙනවා. මේකයි ඇත්ත.
මොකක්ද දන්නේ නැහැ දුන්න පොරොන්දුව දකුණු ඉන්දියාව දමිල රාජ්‍යක් කරලා ලංකාවේ දමිල ජනතාවත් එහෙට ගෙන්න ගන්නවා කීවද නැතුව වෙන මොකක් කරන්නද මෝදී ලංකාවේ
මොකක්ද දන්නේ නැහැ දුන්න පොරොන්දුව දකුණු ඉන්දියාව දමිල රාජ්‍යක් කරලා ලංකාවේ දමිල ජනතාවත් එහෙට ගෙන්න ගන්නවා කීවද නැතුව වෙන අහවල් මගුලක් කරන්නද මෝඩි ලංකාවේ
මෙතන කට්ටිය චන්ඩි වගේ කතා කලට , අපි ඉන්දියාව එක්ක බැලුවම නොන්ඩි !
කොලබ හැමෝම ඉන්නවා වගේ, යාපනෙත් මුස්ලිම් ජනතාව පදින්චි කරන්න ඔනේ. එතකොට ඔය ප්‍රශ්නෙ විසදෙනවා.
අපිට ජනාධිපති කියලා කෙනෙක් ඉන්නවාද? එයාව දැන් එක එක ජාතීයේ උන් ඇවිල්ලා පාවිච්චි කරලා යනවා..
ඔව්... අපිට නම් නැහැ. දෙමළ ජනතාවට යම් ප්‍රශ්න තිබේ. අපිට ඒවා තේරුම් ගැනීමට නොහැක. ගණන් ගන්නෙත් නැත. එතකොට අනිත් රටවල්වලට අපිට අතදාන්න පුළුවන් වෙනවා. අපේ ප්‍රශ්න අපිම විසඳන්නේ නැති නිසා...
තමාගේ රටේ ජනතාවට වැසිකිලි යන්න පහසුකම් නැතිව අප ඒ රටේ ජනවාර්ගික ප්‍රශ්න විසඳන්න හදනවට තමයි කියන්නේ ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කියලා... ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විකෘති සංශෝධන ඉවත් කරලා 78 මුල් ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළා නම් හරි... ඕනෙනම් 72 ජනරජ ව්‍යවස්ථාවෙන් කොටස් එකතු කළාට කමක් නැහැ.
ධනුෂ්ක, පළාත්සභා ඉන්දියාවේ බලපෑමක් නොවේ. ජේ.ආර් 1977 බලයට එන්නෙම ආහාර හිගය නිසා හැමට ධාන්‍ය රාතල් අටක් දෙන බව හා උතුරු නැගෙනහිර ඊලාම් යුද්ධයට විසදුමක් ලෙස පළාත්සභා පිටුවා මුළු රටේම බලය විමධ්‍යගත කරන බව මැතිවරණ ප්‍රකාශනහි මුල්ම ප්‍රකාශ ලෙස සදහන් කරමිනි. මේ ප්‍රකාශය කර අමිර්තලිංගම් ඉන්දියාව රැජින ඇතුළු ලෝක බලවතුන් ග්‍රහණය කරගෙන 1975 ඇරඹු ඊලාම් යුද්ධය 1977 දී බලයට ආ දවසෙම නවතා ලෝක ධනවතුන්ගේ ආයෝජන තුලින් විවිධ දේ හා ඇගලුම් විවිධ ජාත්‍යන්තර ව්‍යාපාර තරු-හොටෙල් හා නවීන පහසුකම් සහිත රෝහල් ඇතුළු ලෝකෙ හැම තරාතිරමක අයෙකුට අවශ්‍ය පහසුකම් හා ආනයන අපනයන ප්‍රවාහාන හා රැකියා ඇතිකළ කල වීවෘත ආර්ථිකය ඇතිකර, පැවති රජය රූකඩයක් කරගන ඊලාම් යුද්ධය හා ආහාර ඇතුළු සියලු භාණ්ඩ හිගයක් ඇතිකල දෙමල හා මුස්ලිම් ආර්ථික එකාධිකාරයෙන් මිදී ඊලාම් යුද්ධයෙන් මිදෙන්ට අවශ්‍යව තිබු විධායක ව්‍යවස්ථාදායක හා අධිකරණමය මෙන්ම ජාත්‍යන්තරව ගතයුතු තීන්දු තීරණ ගෙන ක්‍රියාවට නගත්දී අන්තවාදීන් කල 1983 කලුජුලිය නැවත ඇතිකල ඊලාම් යුද්ධය නිසා ඇතිවූ ඉන්දීය බලපෑම ඉදියාවටම වියදම්යන යුද්ධයක් කරත්දී ලගම හිටි බල ලෝභීන් ජේ.ආර්. අක්‍රීයකළහ.