IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දෙමස්සිනෝ බරටම ගිනි අවි නිපදවලා

(බර්ටි වීරසිංහ)

කටාන කටියල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අනවසර ගිනිඅවි නිෂ්පාදන කම්හලක් වැටලු මිගමුව කොට්ටාශයේ අපරාධ විමර්ශන කාර්යාංශය එම කම්හල පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනකු ඔවුන් නිෂ්පාදනය කළ බව කියන ගිනි අවිතුනක් විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ රිවෝල්වරයක කොටසක් සමග අද 17 දින අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ නිවෙස් වල සඟවා තිබූ  ගීනිඅවි අතර විදේශීය රටක නිශ්පාදිත රිවෝල්වරයක් මෙරට නිෂ්පාදිත ටි 56 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක් කොටන තුවක්කුවක් බදින තුවක්කුවක් සහ රිවෝල්වරයක කොටසක් තිබු බව පොලිසිය පවසයි.

සැකකරුවන් සන්තකයේ තිබී කඩුවක් සහ ගිනිඅවි නිෂ්පාදනය සදහා භාවිතා කළ බවට සැකකරන ග්‍රයින්ඩර්යක් ඩ්‍රිල් මැසිමක් ඇතුළු උපකරණද පොලිසිය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති දෙදෙනා දෙමස්සිනාලා බවත් මොවුන් විසින් ගිනි අවි නිපදවා වෙනත් පුද්ගයන්ට අලවිකර ඇත්නම් ඔවුන් හදුනා ගැනීමට සහ ඒවා අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර විමර්ශන සිදු කිරීමට හෙට 18 දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

 



අදහස් (4)

දෙමස්සිනෝ බරටම ගිනි අවි නිපදවලා

Perakum Liyanagama Friday, 18 July 2025 01:47 AM

වැඩක් නෑ පුංචි දඬුවමක් දීල නිදහස් වෙනව. මේවට බරපතල දඬුවම් දීමට නීති සම්පාදනය නොකර ඔය කරන වැටලීම්වලින් ඇති පලේ මොකක්ද පාලකයන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ උන් බීරි අලි වගේ. නිශ්පාදනය ලඟ තබා ගැනීම සහ භාවිතයට උපරිම දඬුවම් දුන්නොත් අපරාධ බොහොමයක් පාලනය වෙනව. පහුගිය ආණ්ඩු වලින්නම් දේශපාලන රැකවරනය තිබුන. දැන් එහෙම නොවෙයි කියල අපි හිතමු.

:       0       2

nimal Friday, 18 July 2025 03:09 AM

ගිනි අවි නිස්පාදනය කල පුද්ගලයන්ගේ දුරකථන ( CELL phones ) පරික්ෂ කිරීමෙන් ඔවුන් සමග ගනුදෙනු කල සහ ගිනි අවි මිලදී ගත පුද්ගලයන් ( suppliers and customers ) සොයාගැනීමට හැකිය. මෙම ගිනි අවි මගින් මිනිස් ඝාතන, මත් ජාවාරම් වනසතුන් මැරීම, පුද්ගලයන් බිය ගැන්වීම්, වන අලින්ට වෙඩි තැබීම වැනි හේතුන් නිසා ගිනි අවි නිපදවූ පුද්ගලයන් සහ මිලදී ගත පුද්ගලයන් පිළිබද නිතිය ක්‍රියාත්මක විය යුතුවේ. ඔවුන් අලෙවි කල ගිනි අවි සියල්ල නැවත පොලිසි වෙත බාරගැනීම සිදු විය යුතුවේ

:       0       2

Perakum LiyanagamaFriday, 18 July 2025 01:36 PM

ඔය මොනව කලත් ඇති වැඩේ මොකක්ද ලැබෙන්නෙ ලිහිල් දඬුවමක්නෙ. නීති සංශෝධනය කරන්න කියල කිව්වට මේ ආණ්ඩුවටත් ඕනකමක් නෑ වගේ. ජනතාවට අබ සරණයි පාලකයින්ට රජ සැප.

:       0       3

ගුණරත්න Friday, 18 July 2025 02:25 PM

පරණ ජෙප්පෝ වෙන්න බැරිද? ගල්කටස් හදාගෙන මිනී මැරුවේ ඒ අය, පොලිසි වලට පැනලා ආයුධ පැහැරගත්තේ ඒ අය...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 606 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 243 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site