
(ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (26) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු කොළඹ , කොටහේන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ , විදේශීය නිෂ්පාදිත " ප්ලැටිනම්'' වර්ගයේ දුම්වැටි 120,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 600 ක් සගවා ගෙන තිබුණි .ෙරේගු නිලධාරීන් විසින් මොහු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .
2025 නොවැම්බර් මස 04
187
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම්වැටි ගුවන්තොටින් පන්නන්න බැරිවෙයි
මංබයියා Friday, 26 September 2025 03:16 PM
ඉස්සර මේව ලේසියෙන්ම කෙරුවා. දැන් මොනවත් කෙරෙන්නෙ නැහැ. රට හොඳටම වැටිලා.