
(තිලකරත්න දිසානායක)
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇත.
ගම්පහ ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියෙහි ඉගෙනුම ලබමින් සිට ඇති මෙම සිසුවා ගම්පහ , පහළගම ප්‍රදේශයේ දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක පස් වෙනි දරුවාය.
මොහු මිය ගොස් ඇත්තේ දුම්රියේ ගැටීමෙන්ද නැතිනම් දුම්රිය පැනීමෙන්ද යන්න සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලීසිය පරීක්ෂණ සිදු කරන අතර අද ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පියවර ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd