(යොහාන් භාසුර සහ අමදොරු අමරජිව)

ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය අග්බෝපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැන එක් දුම්රිය මැදියක් පෙරළීමෙන් 16 දෙනකු තුවාල ලබා ඇතයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

තුවාලකරුවන් අතර දුම්රිය නියාමකවරයා ද වන බවත් ඔවුන් කන්තලේ රෝහලට ඇතුළත් කර ඇත.

අද දහවල් 1.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

දුම්රිය පීලිපනිනවාත් සමග එක් දුම්රිය මැදිරියක් පෙරළී ගොස් ඇති අතර එහි ගමන් ගත් මගීන් මෙසේ තුවාල ලබා ඇත.

මෙම අනතුර හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී තිබෙන බව ද එම නිලධාරියා කීය.