
(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපති බඳවාගැනීම් පටිපාටිය අනුමත කිරීම සහ වසර පහෙන් පහට උසස්වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තව දුරටත් ප්‍රමාද කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන්නේ යැයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් ආර්.එම්.එස්.පී. ජයසුන්දර මහතා අද (8) ලිඛිතව දැනුම්දී තිබේ.
කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති මෙම කාර්ය දිගින් දිගටම ප්‍රමාද කිරීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරු දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ඉදිරි දින 14 තුළ විසඳුමක් නොලැබුණ හොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බවත් එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගොල්ලන් ඉතිං පැදුරටත් නොකියා වර්ජනය කරන කට්ටියක්නේ. දුම්රියෙන් එන ජනතාවට මොනතරම් අපහසුතාවයක්ද පත් කරන්නේ.
මෙයාලා ඉතින් රතු රළිය පත්තු කරගත්තු ගමන්මනේ ඉන්නේ. තමන්ගේ බඩ තරකර ගන්න දඟලනවා මිසක් කවද්ද ආයතනයේ දියුණුවක් ගැන හිතුවේ..?
වසර පහෙන් පහට නිකම්ම උසස් වීම් දෙනවද? ඒක තමා දුම්රිය සේවය හැමදාම එකම තැන පල්වෙන හේතුව...