(යොහාන් භාසුර)
දුම්රිය සංඥාා පද්ධතියේ ප්‍රධාන කේබලය කැළණිය පාලම අසළින් කිසියම් පුද්ගලයෙක් කපා තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥාා සහ විදුලි උපදේපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (1) පස්වරුවේ පැවසීය.
එම කඩාකප්පල්කාරී ක්‍රියාව එම නිලධාරියා මෙසේ විස්තර කළේය.
“දුම්රිය සංඥාා පද්ධතියේ පොළව යටින් දිවෙන ප්‍රධාන කේබල් එක කැළණිය පාළම මෙහයින් විවෘත වන ස්ථානයකින් කපලා තිබුණා. එම කේබලය යකඩ බට දාලා ආවරණය කර තිබූ එකක්. ඒක අපේ ප්‍රධාන සංඥාා කේබල් එක. ඒකෙන් තමයි පල්ලෙවෙළ සහ මීගමුව ආදි ප්‍රදේශවල සංඥාා සම්බන්ධතාව පවත්වන්නේ. ඒ කේබල් එකට අපි ළගින් එන්න එන්න ඈතට දැනෙනවා වැඩියි. එය කැඩුනට පසුව එතනින් එහාට සම්බන්ධයක් නෑ. සංඥා ඇත්තටම වැඩ කරනවා නමුත් මරදානට පෙන්නේ නෑ. ඇත්තටම පල්ලෙවෙළ පැත්තෙ සංඥා විසන්දි වුණේ නෑ. මරදානට පෙන්නෙ නැති වුණාම ඉක්මණට සංඥා ගන්න තියෙන හැකියාව අඩු වෙනවා”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පුවත අනුව නම් මෙම කේබල්වල විස්තර හොඳින් දන්නා අයම මේ සඳහා දායකත්වය ලබා දුන්නා නොවේද? ඒ කෙසේ වෙතත් මේවා සහගහන අපරාධ බැවින් වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලැබේවා...!!!
කාලකණ්ණි... මේ අයව උලතියන්නයි තිබ්බේ...
වැරැදිකරුවන්ට උපරිම දඬුවම් දෙන්න....
මෙය රාජ්‍ය කුමන්ත්‍රණයක් වෙන්න බැරිද ?විරෝධතා කරන්නන් අත්අඩංගුවට ගන්න සැලැස්මක් වෙන්න ඕනේ
වරදකරු හම්බුන දවසක උගේ එල්ලෙන කේබල් එකත් කපන්න තියෙන්නේ
මේ වගේ වැඩ කරන්නේ... ඔය හැමදේටම විරැද්ධ වෙන අය වෙන්න බැරිද ...