මහින්ද නිශ්ශංක
දුම්රියේ සිඟිමන් යෙදුණු පුද්ගලයින් 7 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
මුහුදුබඩ මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ ධාවනය කළ දුම්රිය පරීක්ෂා කිරිමේ දී මෙම යාචකයන් හත් දෙනා අත්අඩංගුවට ගනු ලැබූ බවත් ඔවුන්ට දැඩිව අවවාද කර මුදාහැරිය බවත් දුම්රිය ආරක්ෂක හමුදාවේ අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පැවසීය.
දෙසැම්බර් (1) සිට දුම්රියේ සිඟමන් යෙදීම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රියේ පමණක් නොවෙයි. මහමග සිටින යාචකයන්ද ඉවත් කළ යුතුයි. විශේෂයෙන්ම මහමග හන්දි වල රැඳී සිටින යාචකයින ඉවත් කළ යුතුයි. ඔවුන් රියදුරන්ට කරදරයක්.
පොඩි ළමයින්ට නිදි පෙති පොවලා හිඟාකන සෙට් එක අල්ලන්න ඕනෑ. පව් පොඩි ළමයි. ආයේ පොත් විකුණන්න එන සෙට් එකත් මහා කරදරයක්... මේවා විකුණන්න දෙන්න ඕනේ අවසර තියෙන කට්ටියට. ගොඩක් පොත් විකුණන්න එන්නේ කුඩ්ඩන් සහ බේබද්දන්..
හැකි නම් වෙළදාම් කරන එකත් නතර කරන්න. මේ අයගෙන් මගීන්ට පුදුම කරදරයක් තියෙන්නේ..
ඔන්න ඕක නිසා තමයි මැති ඇමැතිවරු කෝච්චියේ නොයන්නේ... ඡන්ද හිඟා කෑම, ලෝකේ වටේ ගිහින් ණය ඉල්ලීම, දීපු ණය ගැන පම්පෝරි ගැසීම වගේ හිඟන වැඩ කරලා අහුවෙයි කියලා ඒ ගොල්ලන් බයයි.
ඔය නිකම්මු කොළඹ අවලස්සන කරනවා. මේ අය ටොයිලට් යන්නෙත් මහා පාරේ. හරිම අප්‍රසන්නයි. බස් නැවතුම් පොළවල් මේ අයගේ ගුබ්බෑයම් වෙලා. ඉඳුල් බත් වතුර, ගඳ, වැරහැලි කෑලි පිරිලා, මනුස්සයෙක්ට වැස්සකටවත් ඉන්න බැහැ. අපේ ආණ්ඩුව ආ නිසා මේ වගේ අය රටට අවමන් කරන හිඟන වැඩ කරලා හමාරයි. අපේ ආණ්ඩුවට මිනිස්සුන්ගේ සිතුම් පැතුම් තේරෙන බවට මෙයම හොඳ උදාහරණයක්!
ශාන්ත මහතා, "ළිඳේ ඉන්න ගෙම්බා දන්නේ ඒ වපසරිය විතරයි" කියලා මටත් හිතුණා... ඔබේ කමෙන්ට් එක දැක්කාම... ඒ මොකද, නිව්ස් එකකට අදහස් දමන අය ඒ පුවතින් ගම්‍යවන ඕනෑම දෙයක් තමන්ගේ අදහසට ඇතුල් කරන එක සිරිතක්... සමහරවිට ඒ අදහස් උපහාසය පිණිස විය හැකියි, සමහර අදහස් ව්‍යංගයෙන් කියනු වියහැකියි. මේක දේශපාලනයක් කියලා හිතන්නේ ඔබ වගේ ඒකම ඔලුවේ තියාගෙන ඉන්න අය පමණයි.
හැම ට්‍රැෆික් ලයිට් එකක් ගානෙම හිඟන්නෝ පිරිලා මේක රස්සාවක් කරගෙන ඉන්නේ.. ඇත්තටම අමාරුකම් තියෙන අයත් ඉන්නවද දන්නේ නෑ. ඒත් මේක ව්‍යාපාරයක් වගේ තමයි මම නම් දකින්නේ. කොහොම උනත් මේක රියැදුරන්ට මහ වදයක්. මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වේවා !
වඩේ සහ අන්නාසි අරගෙන එන වෙළෙන්දන්ගෙන් හරිම කරදරේ ඇඟේ වදින විදියට යන එක හරිම කරදරයි. මෙය නැවත්වීමට කටයුතු සලසන්න.
අනේ පින්සිද්ධ වෙයි ජනාධිපතිතුමනි, ප්‍රවාහන ඇමතිතුමනි, වහාම ක්‍රියාත්මක වන පරිදි මගී බස්වල සංගීත සංදර්ශන පෙන්වීම සහ චිත්‍රපට සංදර්ශන පෙන්වීම නවත්වන්න. මේ කන් කරච්චල් සංගීත හා හිරිකිත චිත්‍රපට නිසා මගීන් පුදුම දුකක් හා කරදරයක් විඳින්නේ... කොන්දොස්තරට හා රියැදුරාට නවත්වන්න කීවත් ඔවුන් එය ගණන් ගන්නේ නෑ. කන් අගුල් වැටෙනවා... ශබ්දයට.