
ගුටි කෙලියක් හේතුවෙන් දුම්රිය උප නියාමකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනය තුළත් ක්‍රියාත්මක වීම නිසා දුම්රිය මගීහු සහ කාර්යාල සේවකයෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
දුම්රියක් පැමිණෙන තෙක් දුම්රිය ස්ථානවල විශාල පිරිස් රැඳී සිටින අතර කලාතුරකින් ගමන් ගන්න දුම්රියවල විශාල පිරිස් දොරවල්වල පවා එල්ලී ගමන් කරනු දක්නට ලැබිණි.
මෙම වැඩ වර්ජනය හේතවෙන් ඊයේ දිනයේ දුම්රිය ගමන්වාට 100කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කෙරුණු අතර සේවය නිමවා නිවෙස්වලට ගමන් කිරීමේ බලාපොරොත්තුවෙන් පැමිණි කාර්යල සේවකයෝ මෙන්ම දුරබැහැරින් කොළඹ පාසල්වලට පැමිණි දරු දැරියන් ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනු දක්නට ලැබිණි.
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කර තිබූ අතර කළුතරින් පමණක් ගමන් ආරම්භ කරන දුම්රිය ගමන්වාට අටක් පමණ අවලංගු කර තිබු බව දුම්රිය ස්ථාන ආරංචි මාර්ග කියයි.
ප්‍රධාන දුම්රිය මාර්ගයේ මෙන්ම පුත්තලම දුම්රිය මාර්ගයේ ද දුම්රිය රැසක් අවලංගු කර තිබුණි. ධාවනය වූ දුම්රියවලට ගමන් කල නොහැකි මට්ටමට මගීන්ගෙන් පිරි ඉතිරි ගොස් තිබුණි.
ඡායාරූප පුෂ්පකුමාර මල්ලවාරච්චි



ඡායාරූපය සුමිත් පොතුපිටිය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ දුම්රිය වර්ජනය ගැන බැලුවම දියවැඩියාව හැදුනු කෙනෙක් මුත්‍රා කරන්න යනවා වගේම වර්ජනය කරනවා ඉතින් එහෙම ලෙඩ්ඩුත් එක්ක රටක් හදන්නෙ කොහොමද රටේ දියුණුව අවශ්‍ය නම් මේ අහේනිය තියෙන කාලයේ හදිසි නීතිය පනවා හෝ වර්ජන තහනම් කරන්න ඕන ඒ ඒ අංශවල අසාධ්‍යම රෝගීන් (සමිති කාරයෝ ) වයිද්‍ය හේතු මත (ආයතන සංග්‍රහයේ දෙවැනි කොටසේ විධිවිධාන උපයෝගී කරගෙන ) අනිවාර්ය විශ්‍රාම යැවීම කලයුතුය රට අබමල් රේණුවක කැක්කුමක් හා හැගීමක් තියෙන තමන්ගෙ දරුවන්ට යහපත් අනාගතයක් පතන කිසිවකු එයට විරුද්ධ නොවේවි මෙහෙම කරන එවුන්ට පමණක් නොවෙයි එහෙම එවුන් සමාජයට හදාදුන් අයටත් හොදක්නම් වෙන්නෙ නැහැ ධම්ම පදයේ තියෙන ආකාරයට කරන පව් ගොනා පසුපස එන කරත්ත රෝදය වගේ පැමිණේවි
මොන ජරා සත්තුද මේ? තමන්ගේ වගකීම සහ වගවීම ගැන වගේ වගක් නැති අධම මිනිස්සු
රටේ සමහර ප්‍රදේශ වලට නොකඩවා වැසි ඇද වැටෙන අවස්ථාවක,ගංවතුරෙන් ජනයා පීඩා විඳිනා අවස්ථාවක දුම්රිය සේවකයන් සිදුකරන මේ අයුතු අසාධාරණ ක්‍රියාව දෙවියන්ට පෙනේවා.අප්‍රමාදව දුම්රිය මගීන් මේ අසාධාරණ ක්‍රියාවෙන් බේරාගැනීම රජය විසින් කල් නොයවා ක්‍රියාත්මක කළ යුතුයි.පිටරට හොඳ සමාගමක් වෙත දුම්රිය සේවය දීර්ඝකාලීන බද්ධට ලබා දීම සිදු කළ යුතුයි.
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කළා. මේ ප්‍රශ්නය තනිකරම පෞද්ගලික එකක්. රජයක් නැද්ද රටේ ?
සමහරවිට ඇමතියා ඔය ප්‍රශ්නේ වැඩි වෙන්න දීලා ,සී.ජී.ආර් එක ප්‍රයිවට් කරන ප්ලෑන් 1 ගහනවා ඇති කියලත් හිතෙනවා .මොකෝ ඇමතියා Dr .බන්දුල නිසා ....