(යොහාන් භාසුර)
දුම්රිය නීති උල්ලංඝණය කරමින් වෙරළබඩ දුම්රිය මාර්ගයේ අළුයම ධාවනය වන දුම්රියවල ලී බඩු සහ මාළු ප්‍රවාහන කළ පුද්ගලයන් අටක් භාරයට ගෙන දඩ අය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්‍ෂක කාර්යාලය පවසයි.
මොරටුව සිට කොළඹ කොටුව දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් එහිදී භාරයට ගත් පුද්ගලයන් අට දෙනා සතුවූ භාණ්ඩවලට දුම්රිය අධිබර නීතිය යටතේ අයකුගෙන් රුපියල් 259 බැගින් දඩ අයකළ බවත් එම කාර්යාලය කීය.
වෙරළබඩ දුම්රිය මාර්ගයේ අළුයම දිනපතා ධාවනය කරන දුම්රිය දෙකක ලී බඩු සහ මාළු ප්‍රවාහන කිරීමෙන් ජනතාව අපහසුතාවට පත්වන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කළ බව ද එම කාර්යාලය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝච්චිවල බෆල් පෙට්ටි අරන් ඇවිත් සින්දු කියන අය නිසා හරිම කරදරයි. කෝල් එකක් ආවත් ඇහෙන්නෙ නැහැ. හදිසියකට කෝල් එකක් ගත්තත් කථා කරන්න බැහැ. සද්දෙ අඩු කරන්න කිව්වොත් කෝච්චියෙ වෙළඳාම් කරන අයයි , යාචකයනුයි එක්කන් ඇවිල්ල රණ්ඩු වෙන්න හදනවා. මේ ගැන අවධානය යොමු කරන්න..
259/= පට්ට සැර දඩයක්නෙ. උදේ 08:05 පානදුර මරදාන දුම්රියෙත් ඔය වැඩේ යනව. මගීන්ට යන්න තැනක් නෑ මාලු වතුර බිම දිගේ යනව. ලී බඩු අත් වැටවල් වලට තියල ගැටගහල.
රුපියල් 259 ක දඩයක්......හ්ම්ම්ම් අයෙත් ඉතින් උන් ඉවරටෙම ඉවරයි..ගෙවල් වතුත් විකුනන්න වේයි...උන්ට මේක ගෙවන්න.
කොහොමද ලීබඩු, මාළු සහ අනෙකුත් වෙළඳ බඩු පටවන්න වනමම කෝච්චි පෙට්ටියක් වෙන් කොලොත් ? දුම්රිය දෙපාර්තුමේන්තුවට රිදෙයිද , යන මගීන්ට කරදරයක් වෙයිද, වැඩිපුර ගානක් හොයා ගන්න පුළුවන් වෙයිද කාට කාටත් ? රට නොහැදෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න.
යමෙකුට දුමිරිය වේදිකාවකට ඇතුළු විය හැක්කේ දුම්රිය ප්‍රවේශ පත්‍රයක් හෝ වේදිකා ප්‍රවේශ පත්‍රයක් ඇත්නම් පමණක්ය යනු මගේ වැටහීමයි. එසේනම් වෙළෙන්දන්ට දුම්රියයන්ට ඇතුළුවීමට හැකිවනු පිණිස වේදිකාවන්ට ඇතුළු වීමට ඉඩ දුන් කාර්ය මණ්ඩලය වරදක් කර නැත්ද?
බඩු පෙට්ටි දෙකක් විතර ඇඳගෙන යන්න... මෙහෙ කරන්නේ එහෙමයි. විසඳුම හරිම සරලයි. මොලේ විතරයි ඕනෑ...