IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දුම්රිය රියදුරු වර්ජනය දුම්රිය ධාවනයට බාධා

(යොහාන් භාසුර)

දුම්රිය රියදුරු සංගමය ඊයේ (23) හිටිහැටියේ ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (24) පෙරවරුවේ දුම්රිය ගමනාගමනයට බාධා ඇති වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.

දුම්රිය රියදුරු සේවා වාරවල යෙදවීමේ ගැටළුවක් පදනම් කර ගනිමින් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දුම්රිය රියදුරන් ආරම්භ කළ බවද එම නිලධාරියා කීය.

මෙම වර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රී ධාවනය වීමට නියමිත දුම්රිය ගමන් වාර අවලංගු වීම හේතුවෙන් අද පෙරවරුවේ පිට පලාත්වල සිට කොළඹ දක්වා ධාවනය ආරම්භ කරන දුම්රිය වැඩි සංඛ්‍යාවක් අවලංගු වීමට ඉඩ ඇති බවද එම නිලධාරියා කීය.

සාමාන්‍ය පරිදි ඊයේ පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබු බලවේග දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරියට සිදුවූ බවත් කොළඹ කොටුව සිට ධාවනය ආරම්භ කිරීමට නියමිතව තිබූ පස්වරු 6.40 රඹුක්කන දුම්රිය, පස්වරු 7.10 අඹේපුස්ස දුම්රිය, රාත්‍රී 8.50 පොල්ගහවෙල දුම්රිය, රාත්‍රී 9.50 මීරීගම දුම්රිය සහ රාත්‍රී 11.00 රඹුක්කන දුම්රිය ඇතුලු දුම්රිය ගමන් වාර 12 ක් පමණ අවලංගු කළ බවත් එම නිලධාරියා සඳහන් කළේය.

 



අදහස් (2)

දුම්රිය රියදුරු වර්ජනය දුම්රිය ධාවනයට බාධා

PJ Monday, 24 July 2023 06:19 AM

ප්‍රධාන මාර්ගයේ දුම්රිය රැසක් අද (23) දිනයේ අවලංගු කිරීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇතැයි දුම්රිය වෘත්තිය සමිති පවසයි. පස්වරුවේ ප්‍රධාන දුම්රිය 5 ක් පමණ අවලංගු කිරීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්වූ බවත් මෙම තත්වය හේතුවෙන් සීග්‍රගාමී දුම්රිය කීපයක් මන්දගාමී දුම්රිය ලෙස ධාවනය කිරීමට ද බලධාරීන් කටයුතු කළ බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ කියති. මෙම තත්වය පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ දුම්රිය මාරු කිරීමක් හේතුවෙන් මෙම තත්වය ඇතිවූ බවත් හෙට පෙරවරුවේ සිට නියමිත පරිදි දුම්රිය ධාවනය කරන බවත්ය.

:       0       1

abaran Monday, 24 July 2023 08:54 AM

මේත් ලංකාවේ ඉන්න තවත් ලේ උරාබොන්නම උපන් අධික හීනමානයෙන් පෙලෙන පිරිසක් තමයි. හීනමානය කොච්චරද කියනවා නම් තනතුරු නාමය පයිලට් කියල වෙනස්කරගන්න වැඩ වර්ජන කලා . ඉහින් කනින් දාඩිය දුම්රිය එන්ජිමක් අස්සේ ඉහින් කනින් දාඩිය පෙරාගෙන උනත් ටයි පොලක් බෙල්ලේ හිරකරගෙන තමනුත් පොරක් තමයි කියල පෙන්වන්න දඟලන දැඟලිල දැක්කම දෙකොනින් හිනා යනව . ප්‍රවාහන ඇමතිට කොන්දක් තියෙන්න ඕන ඉන්දියාවෙන් දුම්රිය රියදුරන් ගෙනත් හමුදාවේ පිරිසක් පුහුණු කරලා මේ ෂයිලොක් ලට පාඩමක් උගන්වන්න , නැතිනම් මේ අයියල හිතෙන හිතෙන වෙලාවට වැඩව්ර්ජන කරමින් මහජනතාව අපහසු තාවට පත් කරනවා . හොස්පිටල් , පෙට්‍රල් ෂෙඩ් වගේ තැන්වලින් මේවගේ එවුන්ව ප්‍රතික්ෂේප කරලත් මේ අයියලට පාඩමක් උගන්වන්න පුළුවනි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 250 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site