
(යොහාන් භාසුර)
දුම්රිය රියදුරු සංගමය ඊයේ (23) හිටිහැටියේ ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (24) පෙරවරුවේ දුම්රිය ගමනාගමනයට බාධා ඇති වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.
දුම්රිය රියදුරු සේවා වාරවල යෙදවීමේ ගැටළුවක් පදනම් කර ගනිමින් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දුම්රිය රියදුරන් ආරම්භ කළ බවද එම නිලධාරියා කීය.
මෙම වර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රී ධාවනය වීමට නියමිත දුම්රිය ගමන් වාර අවලංගු වීම හේතුවෙන් අද පෙරවරුවේ පිට පලාත්වල සිට කොළඹ දක්වා ධාවනය ආරම්භ කරන දුම්රිය වැඩි සංඛ්‍යාවක් අවලංගු වීමට ඉඩ ඇති බවද එම නිලධාරියා කීය.
සාමාන්‍ය පරිදි ඊයේ පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබු බලවේග දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරියට සිදුවූ බවත් කොළඹ කොටුව සිට ධාවනය ආරම්භ කිරීමට නියමිතව තිබූ පස්වරු 6.40 රඹුක්කන දුම්රිය, පස්වරු 7.10 අඹේපුස්ස දුම්රිය, රාත්‍රී 8.50 පොල්ගහවෙල දුම්රිය, රාත්‍රී 9.50 මීරීගම දුම්රිය සහ රාත්‍රී 11.00 රඹුක්කන දුම්රිය ඇතුලු දුම්රිය ගමන් වාර 12 ක් පමණ අවලංගු කළ බවත් එම නිලධාරියා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රධාන මාර්ගයේ දුම්රිය රැසක් අද (23) දිනයේ අවලංගු කිරීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇතැයි දුම්රිය වෘත්තිය සමිති පවසයි. පස්වරුවේ ප්‍රධාන දුම්රිය 5 ක් පමණ අවලංගු කිරීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්වූ බවත් මෙම තත්වය හේතුවෙන් සීග්‍රගාමී දුම්රිය කීපයක් මන්දගාමී දුම්රිය ලෙස ධාවනය කිරීමට ද බලධාරීන් කටයුතු කළ බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ කියති. මෙම තත්වය පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ දුම්රිය මාරු කිරීමක් හේතුවෙන් මෙම තත්වය ඇතිවූ බවත් හෙට පෙරවරුවේ සිට නියමිත පරිදි දුම්රිය ධාවනය කරන බවත්ය.
මේත් ලංකාවේ ඉන්න තවත් ලේ උරාබොන්නම උපන් අධික හීනමානයෙන් පෙලෙන පිරිසක් තමයි. හීනමානය කොච්චරද කියනවා නම් තනතුරු නාමය පයිලට් කියල වෙනස්කරගන්න වැඩ වර්ජන කලා . ඉහින් කනින් දාඩිය දුම්රිය එන්ජිමක් අස්සේ ඉහින් කනින් දාඩිය පෙරාගෙන උනත් ටයි පොලක් බෙල්ලේ හිරකරගෙන තමනුත් පොරක් තමයි කියල පෙන්වන්න දඟලන දැඟලිල දැක්කම දෙකොනින් හිනා යනව . ප්‍රවාහන ඇමතිට කොන්දක් තියෙන්න ඕන ඉන්දියාවෙන් දුම්රිය රියදුරන් ගෙනත් හමුදාවේ පිරිසක් පුහුණු කරලා මේ ෂයිලොක් ලට පාඩමක් උගන්වන්න , නැතිනම් මේ අයියල හිතෙන හිතෙන වෙලාවට වැඩව්ර්ජන කරමින් මහජනතාව අපහසු තාවට පත් කරනවා . හොස්පිටල් , පෙට්‍රල් ෂෙඩ් වගේ තැන්වලින් මේවගේ එවුන්ව ප්‍රතික්ෂේප කරලත් මේ අයියලට පාඩමක් උගන්වන්න පුළුවනි.