
(ඩී.ජී.සුගතපාල)
මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ අංක 50 දරණ දුම්රිය පෙරේදා (06)වන දා දහවල් කොග්ගල දුම්රිය ස්ථානයේ නතරකොට රියදුරු පලායාම නිසා තමන් මහත් අපහසුතාවට පත්වූ බව එම දුම්රියේ ගමන් ගත් මගීහු පවසති.
මෙම දුම්රිය පෙරේදා උදෑසන මරදානෙන් බෙලිඅත්ත බලා ධාවනය ආරම්භ කර ඇති අතර කොග්ගල දුම්රිය ස්ථානයට ලඟාවිමත් සමඟ රියදුරු තමාට අසනීප බවට ප්‍රධාන රියදුරු කාර්ය බාර නිලධාරිවරයාට දැනුම් දී කොග්ගල දුම්රිය පොලේ නතරකර පලාගොස් ඇත. ඉන්පසුව ඔහු ගැන කිසිම තොරතුරක් දැන ගැනීමට නෙහැකිව ඇත.
මෙම අවස්ථාවේ දුම්රියේ මගීන් 500කට අධික පිරිසක් සිට ඇති අතර ඔවුන් මහත් අපහසුතාවට පත්ව ඇත. එයට පැය කිහිපයකට පසු පැමිණි දුම්රියෙන් එම මගීන් පිටත්කර යැවීමට කොග්ගල දුම්රිය ස්ථානාධිපතිවරයා පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසනීප බව දැනුම්වත් කරලා ගියා නම් කොහෝමද පැන ගියා කියන්නේ...? අනික අසනීපයකට රෝහලකට ගියා වෙන්න බැරිද?
මේ ළඟකදී කොරියාවෙත් ඔය වගේ සිද්ධියක් වුණා නේද? එම අවස්ථෘවේදි නම් රියදුරාට බඩේ කැක්මක්ලු
කුඩු, අයිස් වලට ඇබ්බැහි වුණාම මෙහෙම මිනිස්සු අතුරුදන් වෙනවා…..
මම ඔය train එකේ ඊයේ(2025/02/06) ගියා සහ කොග්ගල දී දුම්රිය නැවතූ අවස්ථාවේදීත් මම දුම්රියේ හිටියා. දුම්රිය රියදුරු ට අසනීප වූවාද නැද්ද කියලා නම් දන්නේ නෑ. හැබැයි ඊයේ ගාල්ලේ ඉදන් කොග්ගල ට යනකන් දුම්රිය එන්ජිමේ faults ආවා. එන්ජිම pick up කරනකොට faults , Fuse එක off,on උනා 10,15 සැරයක් විතර. කටුගොඩ, උණවටුන, තල්පේ station වල මේක නිසා ගොඩක් වෙලා ඉන්න උනා. බැරිම තැන කොග්ගල දී දුම්රියේ ධාවනය නතර කරලා මගීන් නුවර - මාතර දුම්රියට මාරු කළා.
මෙයා ශුවර් එකට ලාල්කාන්තගේ යූනියන් එකේ කෙනෙක්...