(යොහාන් භාසුර)

දුම්රිය සංඥා පද්ධතියේ ප්‍රධාන කේබලය කැපීමේ සිද්ධිය පිළිබඳව කැලණිය පොලිසියට පැමිණිළි කළ බවත් එම සිද්ධිය පිළිබඳව දුම්රිය ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙනම පරීක්‍ෂණයක් ක්‍රියාත්මක කරන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

කැලණි පාලම අසළින් දිවෙන මෙම සංඥා කේබලය සොරුන් කැපුවේද යන සැකය ඇති බව කී ධම්මික ජයසුන්දර මහතා දුම්රිය ධාවනය ආරම්භ කළ දිනයේම කේබලය කැපීම නිසා එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද යන සැකය බැහැර කළ නොහැකි බව ද සඳහන් කළේය.