IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


දුම්රිය මගීන් සියයට 50 කින් ඉහළ යයි

(යොහාන් භාසුර)

බස් ගාස්තු ඉහළ යෑම සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය මගීන් සංඛ්‍යාව සියයට 50 කින් ඉහළ ගොස් ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය.

මෙම තත්වය හමුවේ මගී තදබදය අඩු කිරීමට දුම්රිය කීපයකට අද(30) දිනයේ අමතර මැදිරි දෙක බැගින් එකතු කළ බව කී ගාමිණි සෙනෙවිරත්න මහතා තවත් දුම්රිය කීපයකට හෙට දිනයේ අමතර මැදිරි දෙක බැගින් එකතු කිරීමට නියමිත බව ද සඳහන් කළේය.

මගීන් සංඛ්‍යාව අනපේක්‍ෂිත ලෙස ඉහළ යෑමෙන් දුර පළාත්වල දුම්රිය ස්ථානවල ප්‍රවේශපත් තොග ද අවසන් වීමෙන් දුම්රිය ස්ථානාධිපති ගැටලුවකට මුහුණදී සිටින බවත් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් කීය.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් අද පෙරවරුවේ පිටත් වූ ‘රජරට රැජිණ’ දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන්ම පිරීගිය බවත් එම දුම්රියට මාතර දුම්රිය ස්ථානයේදී මගීන් රැසකට දුම්රියට ගොඩවීමට නොහැකි වූ බවත් වාර්තා වේ. 



අදහස් (5)

දුම්රිය මගීන් සියයට 50 කින් ඉහළ යයි

යෝගා Sunday, 29 May 2022 04:13 PM

දුම්රියත් පාඩුවට දුවන්න අවශ්‍ය නෑ. ගාස්තු ටිකක් විතර වැඩි කරන්න...

:       5       24

සමන්තMonday, 30 May 2022 08:21 AM

දුම්රිය ගාස්තු වැඩි කරන්න අවශ්‍ය නොවනබව එහි සමිති ප්‍රකාශ කර තියෙනවා. ඒ වෙනුවට ලංකාව පුරාම තියෙන දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩකඩම් විධිමත්ව බදු දීම තුළින් ආදායම් උපයා ගත හැකි බව පවසා සිටියා. කොළඹ මධ්‍යම බස්නැවතුම පවා පිහිටා ඇත්තේ දුම්රිය සතු ඉඩමක නේද? පරණ මැනිං මාර්කට් එක. ඒ විතරක්ද පාවෙන වෙළඳ සංකීර්ණය... මෙකී නොකී විශාල ඉඩම් ප්‍රමාණයක් දුම්රිය සතුයි. ගාස්තු වැඩි නොකර දුම්රිය සේවය පවත්වා ගැනීමට මේ ඉඩම බදුදීම තුළින් උපරිම ලාභයක් ලැබිය හැකිය.

:       0       1

Deepal Nirosh Sunday, 29 May 2022 04:20 PM

මේ තත්වය පාලනය කර දුම්රිය සේවාව තවදුරටත් විධිමත්ව පවත්වා ගැනීමට නම් පහත පියවර තුන කඩිනමින් ගැනීම අත්‍යාවශ්‍යයි. 1. දැනට ධාවනය වන රාජකාරි හා දුර ගමන් සේවා දුම්රියන්ට ආනයනය කර මෙතෙක් භාවිතා නොකළ මැදිරි යොදා හෝ අමතර මැදිරි එක්කිරීම. 2. දුම්රිය කාලසටහන්වල සංශෝධන කර අතිරේක දුම්රිය ධාවනයට යෙදවීම. 3. වත්මන් දුම්රිය ගාස්තු අවම වශයෙන් 50%ක් හෝ ඉහළ දමා මාස 6කට වරක් ක්‍රියාත්මක මිල සූත්‍රයක් හඳුන්වා දීම.

:       2       15

pakeer Sunday, 29 May 2022 06:07 PM

ඕවා අපි කළින්ම කිව්වා. පොදු ප්‍රවාහන සේවය තව පුළුල් කරන්න කියලා. විශේෂයෙන්ම දුම්රිය. ඔක්කොම කළේ තමන්ගේ බඩකට පුරවාගන්න ඒවා තමයි. ඉපදෙන්න ඉන්න පරම්පරා 10ක්ම ඉවරයි.

:       1       16

ඉන්දික Sunday, 29 May 2022 07:54 PM

ලංකාවේ දුම්රිය සහ ලංගම දියුණු කරන්න දෙන්නේ නැත්තේ පුද්ගලික බස් අයිති දේශපාලුවන් හා ඔවුන්ගේ සහචර කණ්ඩායම් සහ පාතාලවලට සම්බන්ධ කණ්ඩායම්... මේක විශාල මාෆියාවක්... තමන්ගේ වාසියට කාලසටහන් හදලා ලංගමේ සෙනඟ අඩු කළා.. ලංගම රියදුරු සහ කොන්දොස්තරලාට පගාව දෙනවා හෙමින් ප්‍රයිවට් බස් එක පස්සෙන් එන්න කියලා.. මිනිස්සු පොදු ප්‍රවාහනෙන් ඈත්වෙන්න ප්‍රධාන හේතුවක් මේක. පස්සේ මිනිස්සු බයික් කට්ටක් හරි ගත්තේ තමන්ගේ පහසුවට... දැන් පේනවා නේද හේතුව? නිරපරාදේ කොච්චර ඉන්ධන පිච්චුවද අපි..? මිනිස්සුන්ට හොඳට පොදු ප්‍රවාහනය තිබුණා නම් මාර්ග තදබදය වුණත් අඩුයි... මේ රට ගොඩගන්නවා නම් මේ වගේ දේවල් වල ඉඳන් පටන්ගන්න ඕනෑ.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 553 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 323 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site