
(නිමල කොඩිතුවක්කු)
දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දීමට බව දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව ලබන අප්‍රේල් මාසයට පෙර මෙම නව කාඩ් පත හඳුන්වා දීමට කටයුතු කරන බව දුම්රිය ප්‍රකාශකයකු පැවසීය.
එම කාඩ්පත් භාවිත කරන පුද්ගලයින්ට සෑම දුම්රිය ස්ථානයකින්ම ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන පරිදි අවශ්‍ය තාක්ෂණික මෙවලම් ද සවි කරන බවත් ඔහු සඳහන් කළේය.
අදාළ දුම්රිය පෙර ගෙවුම් ප්‍රවේශ පත්‍රය පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන්ට පුහුණුවක් ලබා දීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. හැබැයි මගියාට අපහසුතාවයට පත් නොවෙන්න වග බලාගන්න...
පළමුව දුම්රිය මාර්ග නවිකරණය කර වැඩි දුම්රිය සංඛ්‍යාවක් ධාවනය කරන්න. කෝටි ගණන් විදේශ සමාගම් වලට පූජා කරන්නේ නැතිව. බොහෝ දුම්රිය මාර්ගවල ආදායම දුම්රිය හරස්පාරවල් වල සේවය කරන සේවකයින්ට ගෙවන්නවත් ප්‍රමාණවත්ද? දියුණු රටවල තාක්ෂණය ගේන්න හැදුවාට බිම්මට්ටමේ තාම පවතින 1950 ගණන්වල තිබුණු තත්වයක්...
දුමරියේ කැඩුණු බිඳුනු යකඩ මෙවලම් ටිකත් අලුත් වැඩියා කරන්න. දුමරිය තවමත් යල් පැන ගිය ක්‍රම භාවිතා කරනවා. මේවා දිණු කරන්න පුද්ගලික අංශයට දියයුතුයි.
වියදම් අඩු කිරීමේ වැඩ පිළිවෙලක්ද? එහෙමත් නැත්නම් මාටියා පාරක් ගහන්න හඳුන්වා දෙන ක්‍රමයක්ද?