
(යොහාන් භාසුර)
මුහුදුබඩ සහ ප්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය අද (4) පස්වරුවේ ද ප්‍රමාද වීම හේතුවෙන් කාර්යාල සේවය නිම කර නිවෙස් ලබා යෑමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මුහුදුබඩ මාර්ගයේ සිට ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙළ, රඹුක්කන සහ මහනුවර ආදි ප්‍රදේශවලට ධාවනය වන දුම්රිය රැසක් ප්‍රමාද වීමෙන් දැඩි තදබදයක් නිර්මාණය වී ඇති අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන දුම්රිය ද ප්‍රමාද වී ධාවනය ආරම්භ කරයි.
මොරටුවේ සිට කොළඹ කොටුව දක්වා මාර්ග අවහිරතාවක් නිසා දුම්රිය ප්‍රමාද වන බව ඒ අතර ඇති ඇතැම් දුම්රිය ස්ථානවල නිවේදනය කරන බව ද ජනතාව පවසති.
කොළඹ කොටුව සිට ගනේවත්ත දක්වා ධාවනය වන දුම්රිය ගනේමුල්ල සහ ගම්පහ නවත්වන්නේ යැයි කොටුව දුම්රිය ස්ථානයෙන් නිවේදනය කළ ද මරදාන දුම්රිය ස්ථානයෙන් එය නිවේදනය නොකිරීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්ව සිටිති.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය ප්‍රමාදයෙන් මගීහූ අදත් අපහසුතාවට
arschfikaa Saturday, 05 November 2022 02:09 AM
ඔය වැඩට ගිහි්ලලා ගෙදර යනව කිව්වට ඔය තරම් නෙවෙයි මුළු රාත්‍රියම දුම්රිය නාවත් ගාණක් නැහැ. කාරණය උන් වැඩපොළේ වැඩ නොකර බුදියගෙනයි ඉන්නේ. ඒ නිසා මහන්සියක් නැහැ. පහුවෙනිදාට දවල් 12 ට ආවත් අවුලක් නැහැ. කවදාවත් වැඩ නොකරන නිසා අර දුම්රිය දෙපාර්තමේන්තුවෙත් ඉන්න අය වැඩ නොකර කෝච්චිය පැත්තක නවත්තලා ගොරව ගොරවා නිදිය ගෙනඉඳලා පැය 4 කට පස්සෙයි ධාවනය පටන් ගන්නේ.
Lalith M Saturday, 05 November 2022 08:42 PM
දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයට දෙන්න.වෙන කිසිම විදියක විසඳුමක් හරියන්නේ නෑ.