IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රිය ප්‍රමාදයට හේතුව හොයන්න සී.අයි.ඩියට

(ඩයනා උදයංගනී)

මේ දිනවල සිදුවන දුම්රිය ප්‍රමාදයන් කඩාකප්පල්කාරී ක්‍රියාවන් ද යන්න සොයාබැලීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්‍ෂණයක් පවත්වන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දන්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස තමන් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මීට අමතරව දුම්රිය ප්‍රමාදවීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා යටතේ අභ්‍යන්තර පරීක්‍ෂණයක් සිදුකරන බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.  

ජනතාවගේ ඉන්ධන පිරිවැය ඉහළයාම හේතුවෙන් ඔවුන්ට පහසුවක් ලෙස පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමට තමන් දුෂ්කරතා යටතේ සාධනීය පියවර කිහිපයක් ගෙන ඇතැයි ද ඇමතිවරයා කීවේය.

අනුරාධපුරය දක්වා අලුතෙන් ආරම්භ කළ ‘රජරට ඔඩිසි’ දුම්රිය පළමු දිනය වූ ඉකුත් සෙනසුරාදා (8) එය ප්‍රමාද වී ගමන් ආරම්භ කළ බව කී ඇමතිවරයා එදින උත්තරදේවී දුම්රිය තඹුත්තේගමදී පීලි පැනීම නිසා එහි ගමන අතරමග නවතා මගීන්ට බස් රථ මගින් ගමනාගමන පහසුකම් සැලසීමට සිදුවූ බව ද පැවසීය.

මෙහි පළමු ගමන ඇරඹීමේ අවස්ථාවට තමන් ද කොටුව දුම්රිය ස්ථානයට ගිය බවත්, ප්‍රධාන දුම්රිය මාර්ගයේ කැලණිය ප්‍රදේශයේදී කේබල් කැපීමක් නිසා දුම්රිය නියාමකයින් ගෙන්වා ගැනීම ප්‍රමාදවීමෙන් දුම්රිය ගමන් ආරම්භවීම ප්‍රමාද වී තිබූ බව ද ඇමතිවරයා කීය.

දුම්රිය සේවය කඩාකප්පල් කරන අය සිටින්නේ නම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්‍ෂණයක් කර වාර්තාවක් ලබාගැනීම වඩා සුදුසු බව තමන් සිතන්නේ යැයි කී ඇමතිවරයා වෘත්තීය සමිති නායකයින් කැඳවා ඔවුන්ට ප්‍රශ්න ඇත්නම් සාකච්ඡා කර විසඳාගැනීමට තමන් සූදානම් බව ද සඳහන් කළේය.



අදහස් (3)

දුම්රිය ප්‍රමාදයට හේතුව හොයන්න සී.අයි.ඩියට

SL Tuesday, 11 October 2022 03:19 PM

මේ කතාව ඇත්ත. ඉස්සර නුවර ඉඳල කොළඹට 4.30 එන දුම්රිය .7.16යට කොළඹ කොටුවට එනවා. දැන් 7.30 වෙලා. 5.10 කොටුවෙන් යන දුම්රිය ඉස්සර ට වඩා විනාඩි 20-30 පරක්කු වෙනවා. ඊට අමතරව දුම්රිය තුල ටිකට් චෙක් කරන්නේ නැහැ, දුම්රිය පලට ඇතුල් වෙන විට කරන ටිකට් පත සිදුරු කිරීමවත් වෙන්නේ නැහැ. ඊටත් අමතරව , මොකටද ඔයතරම් ඝනකම් වියදම් වැඩි ටිකට් පතක් ??? ටිකට් මිල වැඩි කලත් දුම්රිය තවමත් පාඩු ලබන ආයතනයක් නම් සේවකයින් අඩු කරන්න , එක සිල්පර දාන වැඩට සේවකයින් 10-15ක් ඕනේ නැහැ අපි දුක් විඳලා හම්බ කරන එකෙන් බදු වලට කපල හොයන රාජ්‍ය ආදායම ,වැඩකට නැති සේවකයින් නඩත්තු කරන්නේ මොකටද ?

:       1       11

Ranga Tuesday, 11 October 2022 03:47 PM

මුන්ගෙ ඔක්කොම සෙල්ලම් ඉවරයි, දුම්රියත් අනිවාර්යයෙන් පුද්ගලීකරණය කරා නම්. දුම්රිය ගාස්තු වැඩි වුනත් කමක් නෑ, පුද්ගලීකරණය කරල, අතිරික්ත සේවකයන් ඉවත් කරල, හොඳ ප්‍රවාහන සේවයක් සකස් කරනවා නම්.. දැන් නගර සභා වලින් කුණු අදින තැන් වල කුණු ගොඩවල්..ඒත් පුද්ගලික් ආයතන යොදවල කරන නගර කොච්චර පිරිසිදු ද..?

:       1       5

Sisira Wednesday, 12 October 2022 07:05 AM

ඇත්තටම අමතර කොටස් හිගය පීලි මල කෑම කඩා කප්පල් කාරි ක්‍රියා වක් ද කියා සොයා ඛලමූ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site