(යොහාන් භාසුර)

ප්‍රධාන දුම්රිය මාර්ගයේ අද (1) අලුයම සිට ඇතිවූ දුම්රිය ප්‍රමාදයට හේතු වූ සංඥා පද්ධතියේ බිඳවැටීම පෙරවරු 9.30 පමණ වන විට යථා තත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥාා සහ විදුලි අංශයේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ප්‍රධාන මාර්ගයේ පල්ලෙවෙළ සිට දෙමටගොඩ දක්වා සංඥා පද්ධතිය අද අළුයම 3.30 ට පමණ මෙම බිඳ වැටීම සිදුවී ඇති බව කී එම නිලධාරියා ඉන් පසුව මෙම දුම්රිය ප්‍රමාදය ඇතිවුවද අද පස්වරුවේ සිට නියමිත පරිදි දුම්රිය ධාවනය වනු ඇති බව ද සඳහන් කළේය.

මෙහිදී සංඥා පද්ධතියේ රැහැන් කීපයක් ගැලවී තිබී ඇති බවත් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද යන්න සොයා බලමින් සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් කීය.