
(රෝහණ චන්ද්‍රදාස)
කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා කිසියම් මත් ගතියකින් රාජකාරි කරද්දී දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ දී අද (25) සවස අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු අනුරාධපුර පොලිසිය වෙත බාරදීමෙන් පසුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් වාර්තාවක් කැඳවීමට පියවර ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
යාල්දේවී දුම්රිය සඳහා වෙනත් නියාමකවරයකු සේවයට යෙදවීමෙන් පසු එය කොළඹ බලා ධාවනයට පියවර ගත් බව දුම්රිය ආරක්ෂක අංශය සඳහන් කරයි.
ඔහු මත්පැන් පානය කර සිටියේ දැයි වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිවිත විශාල ප්‍රමාණයකගේ පිළිබදව සහ රැකියාවේ වගකීම පිළිබදව කිසිදු තැකීමක් නොකරන රියදුරුගේ ක්‍රියාකලාපය දඩුවම් ලැබිය හැකි වරදක් යම් හෙයකින් අනතුරක් සිදුවුයේ නම්...?
බොහෝවෙලාවට කෝච්චිය පීල්ලෙන් පීල්ලට පැන පැන යන්නේ ඔය නිසා වෙන්න ඇති. ඔහු රජයේ සේවකයෙක් නම් ආයතන සංග්‍රහයේ දෙවනි කාණ්ඩයේ දෙවනි වගන්තිය අනුව වරදක් කළා වෙනවා. එහිම වැරැදි පිළිබද උපලේඛනයේ 5 හා 6 වැනි වරදවල් වලට හසුවෙනවා ඒ වෙනුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්ට දන්වා විනයානුකූලව දඩුවම් දීමට කටයුතු කරන්න ඕනෑ... ඒක තමයි රජයේ සේවයේ නීතිය. බලමු මොකද වෙන්නේ කියලා..