(යොහාන් භාසුර)
ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාව පුද්ගලික ප්‍රවාහන ක්‍රම භාවිතයෙන් ඉවත් වී දුම්රිය භාවිතා කිරීමට පෙළඹීම පිළිබඳව අවධානය යොමු කර දුම්රිය ධාවන පුළුල් කරන ලෙස දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
ප්‍රධාන දුම්රිය ස්ථානවල මගී ආදායම් පරික්ෂා කිරීමේදී ජනතාව දුම්රිය භාවිතය වැඩිවී ඇති බව අනාවරණය වී බව කී කසුන් චාමර මහතා පොල්ගහවෙල - කොළඹ කොටුව, මිගමුව - කොළඹ කොටුව, අලුත්ගම - කොළඹ මරදාන සහ අවිස්සාවේල්ල - කොළඹ කොටුව යන කලාපයේ මගී ආදායම පසුගිය කාලයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.
අධික තදබදයක් පවතින සහ ඉතා අත්‍යවශ්‍ය අවස්ථාවන්ට සරිලන ලෙස නව දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කිරීම, මගී ධාරිතාව වැඩි තනි බලවේග කට්ටල ද්විත්ව බලවේග කට්ටල බවට පත් කිරීම, මගී ධාරිතාව වැඩි දුම්රියන් සඳහා අමතර මැදිරි එකතු කිරීම සහ මගී ඉල්ලුම මත පදනම්ව නව දුම්රිය ගමන් වාර එක්කරමින් හා අනවශ්‍ය දුම්රිය ගමන්වාර අවලංගු කරමින් තාවකාලික නව දුම්රිය කාලසටහනක් හඳුන්වා දීම යන චෝදනා තම සංගමය ඉදිරිපත් කළ බවත් මගී ජනතාවට අවශ්‍යවන පරිදි අදාළ පහසුකම් සැපයීමට දුම්රිය පාලනාධිකාරිය උපදෙස් ලෙස ඉල්ලා සිටි බවත් චාමර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා, නව දුම්රියක් උදේට සහ හවසට ධාවනයට යොදා තිබුණත් එය නැවත ධාවනය කරදෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.