
(යොහාන් භාසුර)
දුම්රිය ගාස්තු ඉහළ දමන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුව අඛණ්ඩව පාඩු ලබන ආයතනයක් බවට පත්වීමට ගාස්තු ඉහළ නොදැමීම ද හේතුවක් යැයිද පාඩු ලබන ආයතනයක් ලෙස විවේචනයට ද ලක්වන්නේ යැයිද දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇතැයි එම නිලධාරියා කීය.
බස් ගාස්තු ඉහළ යන්න යන්න ජනතාව දුම්රියට යොමුවීම ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ගාස්තු ද බස් ගාස්තුවට සමාන කරන ලෙස ඉල්ලා ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධාවනයට යෙදවීමට නොහැකි දුම්රිය එන්ජින් රැගෙන විත් රුපියල් කෝටි ගණනක ජනතා මුදල් පාඩු කිරීම මෙන්ම වැඩ වර්ජන නොවුන හොත් දුම්රිය දෙපාර්තමේන්තුවේ පාඩුවක් නැති වේවි නේද.?