(යොහාන් භාසුර)
දුම්රිය ගාස්තු සංශෝධනය හෙට (22) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව තීරණය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා අද (21) පස්වරුවේ ලිඛිතව දැනුම් දුන්නේය.
ගාස්තු සංශෝධනය පිළිබඳව මගීන් පූර්ව දැනුවත් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොලැබීම, දුම්රිය ස්ථානවල ප්‍රායෝගිකව ගිණුම් කටයුතු හා අදාළ කාර්යන් සඳහා දිනකටත් අඩු කාලය ප්‍රමාණවත් නොවන බවත් මෙම තත්වයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ මගීන් අපහසුතාවයට පත්වන බවත් එම ලිපියෙන් වැඩි දුරටත් දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය ආයතනවල තීරණ ගන්නෙ කවුද . අරාජික තත්ත්වය ක් .
මේ මෝඩ කැබිනට් ජෝකර්ලාට කිසිම තීන්දුවක් හරියට ක්‍රියාත්මක කරන්න බැහැ.