
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ටිකට්පත් වෙන් කරවා ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට් පත් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් සංචාරක ව්‍යාපාරයේ යෙදෙන් නෙක් ද අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුගන්නාව ,කඩවත්ගම, උළුගේ තැන්න ප්‍රදේශයේදීය.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම එක්ව පවත්වාගෙනු යනු ලබන අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමට ඇති ක්‍රමවේදයේ ඔස්සේ මෙම වංචාව සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
32 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම ටිකට්ස් නැතෝ
ඊ ටිකට් මෘදුකාංගය වෙනස්කර කණ්ඩායම් ටිකට්පතට කණ්ඩායමේ සාමාජික යමෙකුගේ හැඳුනුම්පත හෝ පාස්පෝට් අංකයත් තනි ටිකට්පත හැඳුනුම්පත හෝ පාස්පෝට් අංකයත් මත ලබා දෙන්න. ප්‍රශ්නය විසඳෙනවා. හොරු අල්ලලා ඕක නවත්තන්න බෑ.අනික අවශ්‍ය දුම්රිය සංඛ්‍යාව යොදවන්න...ලොක්කන්ගේ නොහැකියාව මූලික හේතුව...
තවම අහු වෙන්නේ මේ වංචාවේ අග ඉන්න පොඩි මොළ ටික විතරයි. මුල ඉන්න මහ මොළ කාරයො තවම අහුවෙන පාටක් නැහැ.