(යොහාන් භාසුර)

දුම්රිය ස්ථානවල සහ දුම්රිය දෙපාර්තමේන්තුවට හිමි ස්ථානවල දැන්වීම් පළකිරීම වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවට පෞද්ගලික ආයතනවලින් සහ දැන්වීම් නියෝජිත ආයතනවලින් රුපියල් කෝටි ගණනක ගෙවීම පැහැරහැර ඇති බව දැනගන්නට තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව අදාල ආයතනවලට එම මුදල් ගෙවන ලෙස සිහිකැඳවීම් කොතරම් කළ ද මුදල් නොගෙවන තත්වයක් ඇති බව ද වාර්තා වේ.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වජිර පොල්වත්තගේ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ දැන්වීම් සම්බන්ධයෙන් හිඟ මුදල් අයකරගැනීමට කටයුතු කරමින් සිටින බවත් සිහිකැඳවීම්වලට අවස්ථා කීපයකදී ප්‍රතිචාර නොදැක්වූ ආයතනවලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.