
(යොහාන් භාසුර)
පානදුර සහ- මොරටුව දුම්රිය ස්ථාන අතර පීල්ලක් කැඩී තිබෙන අයුරු දැක සාගරිකා දුම්රිය එම ස්ථානයට ළගාවීමට පෙර වැළැක්වීමට ක්‍රියා කළ සමන්ත ප්‍රනාන්දු මහතා සහ එයට පසුපසින් ධාවනය වූ දුම්රිය ගැටීමකින් තොරව වළක්වාගත් රියදුරු විදුර විදර්ශන මහතා ඇගයීම එම අමාත්‍යංශයේදී අද (9) පැවැත්විණි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දෙදෙනාම කෙරුවේ ඉතාම වීර ක්‍රියාවක්. ලොකු පිනක්. අපගේ ගවුරවණීය ප්‍රණාමය පුදකරනවා .
ඉතාම හොඳයි... NPP රජයට ජයවේවා!
ඇගයීම හොඳ දෙයක්. මිලියන ගණනක පාඩුවක් වැළැක්වූවා වෙන්න ඇති. ඒ වගේම හදිස්සියේ හරි මෙතුමා නොසිටියා නම් මොකද වෙන්නේ කියලා බලලා ඒවාටත් පිළියම් යෙදුවා නම් මෙතුමන්ලාගේ ක්‍රියාවෙන් සැබැවින්ම ප්‍රයෝජන ගත්තා වෙනවා. දුම්රිය නිකන්ම පාරේ යනවා නෙමේනේ... යතුරු කරුවන් මාර්ග ඉංජිනේරුවන් ආදි සේවකයන් සේවය සඳහා සේවයේ යොදවා ඉන්නවානේ? ග. ඒ අයට නොදැනි මෙහෙම පීලී කැඩෙන හැටි සොයා බැලිම උචිතයි.
අනතුරු ඇඟවීම මුලින්ම කළ කාන්තාව අමතක වෙලාද?