(රෝෂන් තුෂාර)
අයථා මුදල් ඉපයීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට දෙමටගොඩ රුවන් සැකකරුට ඇප ලබාදීම වෙනුවෙන් අල්ලස් ලබා ගත්තේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ආර්.දුමින්ද සිල්වා සැකකරුගෙන් ලබන 23 දින ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අල්ලස් කොමිසමට අද (20)අවසර ලබා දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා පසුගිය 13 දින අවසර ලබා දී තිබුණද, ප්‍රකාශ ලබා ගැනීමට අල්ලස් කොමිසමේ නිලධාරීන් ගිය අවස්ථාවේදී දුමින්ද සිල්වා සැකකරු පවසා ඇත්තේ සිය නීතිඥවරයාගේ උපදෙස් නොමැතිව ප්‍රකාශයක් ලබාදීමට නොහැකි බවය.
මේ අනුව ලබන 23 දින උදෑසන දහයට බන්ධනාගාරය තුළදී සැකකරුවන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා , සැකකරුට නීතිඥවරයෙකුගේ ඉදිරියේ ප්‍රකාශ ලබාදීමට අයිතිවාසිකම් ඇති බවට දන්වා සිටියේය.
අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම අවසරය ලබා දුන් අතර සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.
දෙමටගොඩ රුවන් නමැති සැකකරුට ඇප ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක අල්ලසක් ලබා ගැනීමේ සැකයට රක්ෂිත බන්ධනාගාරගත මොහොමඩ් මොහිදීන් සප්රාස් නවාස්ට එරෙහී පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා දුමින්ද සිල්වා සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර ලබාදෙමින් සප්රාස් සැකකරු ලබන 31 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd