
(නිමන්ති රණසිංහ සහ ළහිරු හර්ෂණ)
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් අද පෙරවරුවේදී වැඩ භාර ගත්තේය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් දුමින්ද සිල්වා මහතා වැඩ භාරගැනීමේ උත්සවය සදහා විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනකු ද එම අවස්ථාවට සහභාගී වී සිටි බවට අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පැවැති කෙටි උත්සවයකින් පසු දුමින්ද සිල්වා මහතා එම තනතුරේ වැඩ භාරගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් වාර්තාව අවශ්‍ය අපිට විතරද?
කාලකණ්ණිනේ ... නොදකින්...!!!
මේවාට මොකුත් කියලත් බෑ, නොකියත් බෑ... මෙයාලා තමයි හොඳටම කලේ...
සර් ආවේ නැද්ද?
මැතිතුමණි, ඔබයි අපේ ශක්තිය... මරණ දඬුවමෙන් නිදොස්කොට සුදුස්සාට සුදුසු තැන දුන් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට බොහොම පින්...
ඒක හොඳයි... කොරෝනා නිසා මිනිස්සුන්ට මේවා එච්චර බලපාන්නේ නැහැ...
ඔය තනතුර රැකියා විරහිත උපාධිදාරී දරුවෙකුට දුන්නා නම් මේ ආණ්ඩුවට කොපමණ ලකුණු දාගන්න තිබුණාද?
නොකළ වරදකට මරණ දණ්ඩනයකට පත් වීම මෙලොව ඇති දරුනුන වද බන්දනයකි .එය තේරුම් ගන්න පුළුවන් වන්නේ එවැනි දඬුවමකට මුහුණ පෑ කෙනෙකුට පමණි .මේ ව්‍යවසනය දිහා මනුස්ෂත්වයෙන් බලන්න .දේශපාලන කෝණයෙන් නොබලන්න .මෙය වක්‍රාකාරයෙන් බලන්නන් මනුසතෙක් විය නොහැක. බුදු සරණයි
දැන් අමතක වුණු ඒවා මතක් වෙලා ඇති නේද සර්..?
රටවැසියාට ඇතිවූ සතුට ඉහවහා ගොසිනි. අප පස්වනක් ප්‍රීතියෙන්... මෙතුමා බැබල වූ වියත් මග දිනේවා! (කෝ මේ වියතුන්? කොහිද මොවුන් සැඟවුනේ?)
69 ලක්ෂයකගේ පැතුම ඉටුකළ කැළණිගඟ පලාගෙන මතුවූ නන්දසේන කුමාරයාට අපේ මෙව්වා එක...!
අපේ ගමේ නන්දේ නම් ගංජ ගහල මොංගල් වෙච්ච පොරක්. අර කියන්නේ එයා ගැනමද දන්නේ නැහැ.
සෞභාග්‍යයේ දැක්ම හා මෙහෙවර රෙද්ද පල්ලෙන් බේරේ ... මිනීමැරුම් චෝදනා ඔප්පු වී හිරදඬුවම් විඳිමින් සිටි හිතවතා බේරාගෙන,තනතුරු දීමෙන් රටේ නීතිය හොඳින් ක්‍රියාත්මක වන බව හොඳහැටි පැහැදිළි වේ.
මට මතක නෑනේ .මේ කවුද ?
පන පලයන් ලබන සුමානේ ...
මිනීමැරුම් චෝදනා ලැබූවෙකු රජයේ ඉහල තනතුරු වල . සිවිල් සමාජයේ සාමාන්‍ය ජීවිතයක්වත් ගතකරන්න අයිතියක් නහැ. ඒකට අපේ උන්දලෑ ගෙ ලෝකෙ කොහේවත් දකින්න නැති මනස්ගාත වැඩ.
ඔබට ජය වේවා
දැන් ඔක්කොම මතකද ලොක්කා...?
අපට තවත් කොවිඩ් -19 අවශ්‍යයි ...
වැඩ බාරගත්තයි කිවුවේ තව වැඩක් දෙන්නද?
69ට පින්සිද්ද වෙන්න රටට ගිය කලක්...
නෙදකින් විතරක් .වෙන මොනවා ලියන්නද
වැලිගම් බලා යන හෝරාවේදී තමන් කළ කී දෑ දුමින්ද ගොයියාට මෙනෙහි වනු ඇත. එය නන්දෙටත්,සජිපුතානෝට මෙන්ම අප සැමටද පොදුය. අපි කා මරාගත්තේ කුඩු බිස්නස් එක බෙදා ගන්න බැරිවද බලය බෙදාගන්න බැරිවද යන්න අපගේ සිත් හොදාකාරව නොදන්නවා නොවේය.අප වගාකළ දෙය අප නෙලාගන්නවාය......
අයුක්තිය රජකරපු යුගය අවසන් .චිරන් ජයතු
ගොඩක් හොඳයි දුමින්ද සර්....
කෝ කිරිබත්? මේ පාර කැව්මුත් ඕනේ හරි... !!
හිටපු මන්ත්‍රී නොවේ, හිටපු හිරකරු...
අවසානයේ තීන්දුව දෙන්නේ සොබාදහමයි .එම දිනය ලඟට එන ලකුණු කොවිඩ් වසංගතයෙන් පෙන්නුම් වෙනවා
මෙයාට මුකුත්ම මකත නෑ කිව්වනේ... මේ ගොල්ලෝ මේ විහිළු කරන්නේ රටේ ජනතාව මී හරක් කියලා හිතාගෙන...
මට විතරද පස්ස පැත්තෙන් හිනා යන්නේ
ඕක මොකක්ද? මිනීමරුවෝ කී දෙනෙක් ලංකාවේ ජනාධිපති, අගමැති වෙලා හිටියද?
ප්‍රශ්නය ඉහත සියල්ලම නොවේ. එය; යම් කෙනෙකුට අපරාධ ඉතිහාසයක් ඇති විට රජයේ තනතුරක් දැරීමට හැකි ද?
අල්පොන්සෝ ඇතුලට යාමයි දුමින්ද එලියට ඒමයි මටනම් බොහොම සතුටුවිය හැකි සිදුවීම් දෙකක්
ජේ.ආරු ත් මෙහෙම දේවල් කළා. ස්ත්‍රී දූෂකයින්ට, මිනී මරුවන්ට නිදහස දීලා තව දුරටත් සමාදාන විනිසුරුකමුත් දුන්නා...
මුක්තිය කියන අනීතික කඩතුරාවෙන් වැසුවේ නැතිනම් දැන් රට පාලනය කරන ජනාධිපතිත්, අගමැතිත් ඉන්න ඕනෑ ජීවිතාන්තයටම හිර කූඩුවේ....
මේ වැඩෙන් ආණ්ඩුවට සෙතක් වෙනවා කියලා කවුරු හරි කිව්වා නම් අන්න ඒ වගේ තව උපදෙස් 3ක්, 4ක් දෙන්න... ඒ හොඳටම ඇති. යකඩ විනාශ වෙන්නේ යකඩයෙන්ම උපන් මළ නිසා... මේකෙ හරි, වැරැද්ද කෙසේ වෙතත් ජන මනස පිළිබඳව සොයානොබලීම ඛේදවාචකයක්... නීත්‍යානුකූලව හරි දේවල් වගේම සදාචාරාත්මකව හරිදේත් බැලිය යුතුයි.