IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දුමින්ද සිල්වා යළි බන්ධනාගාර රෝහලට

(යොහාන් භාසුර)

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වරදකරු වී මරණ දඩුවම නියමවී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බබන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රැදවීමට පසුගිය 10 වැනිදා කටයුතු කළ බවත් එහි රදවා සිටියදී හදිසියේ ඇති වු සංකූලතාවයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව 11 වැනිදාි අළුයම 2.00 ට පමණ කොළඹ ජාතික රෝහලට යොමු කළ බවත් දිසානායක මහතා කීය. 



අදහස් (8)

දුමින්ද සිල්වා යළි බන්ධනාගාර රෝහලට

වික්‍රම Monday, 13 January 2025 12:08 PM

බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයාගේ වත්කම් පරීක්ෂා කලානම් දුමින්දගේ රෝග නිධානය ටක්කෙටම හොයාගන්න පුලුවන්.

:       4       54

ජගත් ලියනගේMonday, 13 January 2025 09:59 PM

මටත් ඒකම හිතුනා. බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා???

:       0       1

ලක්ෂ්මන් Monday, 13 January 2025 01:08 PM

බුද්ධ දේශනාවෙ තියෙනවා සෑම කෙනෙක්ම දඩුවමටත් මරණයටත් බයයි කියල එහෙමනම් භාරත ලක්ෂ්මන් වුනත් වෙඩිවැදුනු වෙලාවෙ කොතරම් බයක් වෙන්න ඇද්ද දැන් මරණ දඩුවම ඉථිරව සිටින නිසා ඒ බියෙන්ම මොහොතින් මොහොත විදවා අසනීප වෙනවා මරණය මෙතරම්ම බියක් දෙන නිසා (යම් විදියකින් දඩුවම ක්‍රියාත්මක නොවුනත්) දැන්වත් ආගම දහමට යොමුවලා බණක් භාවනාවක් කරගෙන පරලොව ජීවිතය යහපත් කරගැනීමට උනන්දු වුනොත් නරකද

:       4       26

පොඩිඑකාMonday, 13 January 2025 02:36 PM

ලක්ෂ්මන් මහතා මේ ලෝකෙද ඉන්නෙ?

:       1       0

PRASANNA Monday, 13 January 2025 02:33 PM

ජෙප්පන්ගේ හීන බොඳවෙලා යනවා

:       1       2

පිටිගල මිලානෝ Monday, 13 January 2025 05:33 PM

මේ විහිළුවෙන් රට ගලවා ගැනීමත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ කොටසක් නමුත් ඒක වෙන්නේ නැහැනේ

:       1       14

නන්දන පනා-මිලානෝ Monday, 13 January 2025 06:11 PM

මොළයට දැඩි ලෙස හානි වුනු දුමින්ද සිල්වාට ගෝඨා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති කම දුන්නෙත්, ඔහු එම තනතුර බාර ගෙන රැකියාවට ගියෙත් කෙසේද…?

:       0       0

ලව්සික් Monday, 13 January 2025 11:36 PM

මේකා මහ වණයක් උනානේ….!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site