IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දුමින්ද නාගමුව ඇතුළු අටකට සිතාසි

(නිමන්ති රණසිංහ)

අධිකරණ කටයුතු පැවැත්වෙමින් තිබියදී උසාවියේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක් පවත්වා අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලබන ජනවාරි මස 31 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ඇතුළු අට දෙනකුට අද සිතාසි නිකුත් කළේය.

ඒ අනුව මෙලෙස සිතාසි නිකුත් වූයේ දුමින්ද නාගමුව, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, රත්කරව්වේ ජිනරතන හිමි, පොකුණුවිට පියසෝම හිමි, රංගන ශිල්පී ජොහාන් අප්පුහාමි, අමල් සාලින්ද, අංජන රොද්‍රිගූ සහ ප්‍රියන්තා මාලා ප්‍රනාන්දු යන අයවලුන් වෙතය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධ නඩුව ඉකුත් 12 වැනිදා අධිකරණය හමුවේ විභාග වෙමින් තිබියදී මෙම අයවලුන් තවත් සිය දෙනකුගෙන් යුත් පිරිසක් ද සමග අධිකරණය ඉදිරිපිටට රැස්වී උද්ඝෝෂණයක් කර අධිකරණයට අපහාස වන අන්දමට හැසිරුණැයි කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

 



අදහස් (10)

දුමින්ද නාගමුව ඇතුළු අටකට සිතාසි

යෝගා Wednesday, 14 December 2022 07:52 PM

අවුරුද්දකටවත් ඇතුළට දාලා දෙන්න. පින් සිද්ද වෙයි..

:       21       97

Bamunuaracchi Wednesday, 14 December 2022 07:57 PM

අර නිශාන්ත කියලා ඉන්න කෙනෙකුත් උසාවියට අපහාස කළා නේද? මොකද වුනේ, ඇයි ප්‍රතිඵල හුඟක් ප්‍රමාද කියලා මිනිස්සු බලාගෙන ඉන්නවා...

:       65       560

SurangaWednesday, 14 December 2022 09:38 PM

මේ බමුණෝ, ඔයා කියන විදිහට උසාවිවල වැඩ කටයුතු කරන්න බෑ හලෝ. පොඩ්ඩක් ඉවසලා ඉන්න.

:       23       8

Prase Wednesday, 14 December 2022 08:08 PM

ගොඩක් හොඳයි...

:       20       60

Bamunuarachchi Thursday, 15 December 2022 06:19 AM

එල්ලුම්ගස්... එල්ලුම්ගස් ....

:       26       2

අලුගෝසුවා Thursday, 15 December 2022 09:38 AM

ඔය කථා කියන්නේ නෑ මොලයක් තියෙන මිනිහෙක්. මිනිස් ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. කාට කවදා ඕවා කැරකිලා එයිද දන්නේ නෑ.

:       0       6

BamunuarachchiSunday, 18 December 2022 06:01 AM

මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන උන්ට තමයි එල්ලුම් ගහ හදල තිබෙන්නේ කියලා අලුගෝසුවා නොදැනීම පුදුමයක් නොවෙයි මොකද දැන් ඉන්න බොහෝදෙනා තම රැකියාව ගැන දන්නේ නැහැ? කුරුට්ටෝ මිනිස් ජීවිත සමග තමයි සෙල්ලම් කරන්නේ.

:       0       0

චන්දන Thursday, 15 December 2022 06:41 AM

මුං මේ රට වනසනව. 88,89 කාලෙ කළෙත් ඔය ටික. අරගලය කියල මිනිස්සු ගෙ සාධාරණ ඉල්ලීම් මෙයාල මැදට පැනල වණ කරල දැම්මා . දැං විශ්ව විද්‍යාල ආපහු වහල දාන්න අර අඳිනව. සාමාන්‍ය ජනතාවගෙ පීඩනය ප්‍රයෝජනයට අරගෙන මෙයාල ඒවට විසඳුමක් නොදී රට වනසනව.

:       7       65

SanthuThursday, 15 December 2022 12:44 PM

ඒක හරි... මොන එහෙකට බලන් ඉන්නවාද තාම...?

:       0       2

ගෝවින්ද Thursday, 15 December 2022 08:54 AM

මුන් රටට වැඩක් කරන්නෙත් නෑ. කරන මිනිහෙකුට කරන්න දෙන්නෙත් නෑ. ගෙවල්වට ගිහින් කුඹුරක්වත් කොටගෙන හිටපියව්කෝ මිනිස්සුන්ට වද දෙන්නේ නැතිව.

:       5       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site