(නිමන්ති රණසිංහ)
අධිකරණ කටයුතු පැවැත්වෙමින් තිබියදී උසාවියේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක් පවත්වා අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලබන ජනවාරි මස 31 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ඇතුළු අට දෙනකුට අද සිතාසි නිකුත් කළේය.
ඒ අනුව මෙලෙස සිතාසි නිකුත් වූයේ දුමින්ද නාගමුව, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, රත්කරව්වේ ජිනරතන හිමි, පොකුණුවිට පියසෝම හිමි, රංගන ශිල්පී ජොහාන් අප්පුහාමි, අමල් සාලින්ද, අංජන රොද්‍රිගූ සහ ප්‍රියන්තා මාලා ප්‍රනාන්දු යන අයවලුන් වෙතය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධ නඩුව ඉකුත් 12 වැනිදා අධිකරණය හමුවේ විභාග වෙමින් තිබියදී මෙම අයවලුන් තවත් සිය දෙනකුගෙන් යුත් පිරිසක් ද සමග අධිකරණය ඉදිරිපිටට රැස්වී උද්ඝෝෂණයක් කර අධිකරණයට අපහාස වන අන්දමට හැසිරුණැයි කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දකටවත් ඇතුළට දාලා දෙන්න. පින් සිද්ද වෙයි..
අර නිශාන්ත කියලා ඉන්න කෙනෙකුත් උසාවියට අපහාස කළා නේද? මොකද වුනේ, ඇයි ප්‍රතිඵල හුඟක් ප්‍රමාද කියලා මිනිස්සු බලාගෙන ඉන්නවා...
ගොඩක් හොඳයි...
එල්ලුම්ගස්... එල්ලුම්ගස් ....
මුං මේ රට වනසනව. 88,89 කාලෙ කළෙත් ඔය ටික. අරගලය කියල මිනිස්සු ගෙ සාධාරණ ඉල්ලීම් මෙයාල මැදට පැනල වණ කරල දැම්මා . දැං විශ්ව විද්‍යාල ආපහු වහල දාන්න අර අඳිනව. සාමාන්‍ය ජනතාවගෙ පීඩනය ප්‍රයෝජනයට අරගෙන මෙයාල ඒවට විසඳුමක් නොදී රට වනසනව.
මුන් රටට වැඩක් කරන්නෙත් නෑ. කරන මිනිහෙකුට කරන්න දෙන්නෙත් නෑ. ගෙවල්වට ගිහින් කුඹුරක්වත් කොටගෙන හිටපියව්කෝ මිනිස්සුන්ට වද දෙන්නේ නැතිව.