(රොෂාන් ගුණරත්න)
කොරෝනා (කොවිඞ් - 19) වයිරසය ජාත්‍යන්තර ක්‍රීඩාවට මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවටද අති විශාල බලපෑමක් කර තිබේ. එබැවින් ක්‍රීඩකයින් සිය පුහුණුවීම් ඇතුළු දෛනික කාර්යයන් වලින් වැලකී, ක්‍රීඩාවෙන් ඈත්වී සිය නිවෙස් වලටම වී කල් ගෙවති.
මේ අතර සොබාදහමත් සමගින් ජීවත්වීමේ අගය ලොවට කියා පාමින් ‘හෝම් ගාර්ඞ්න් චැලේන්ජ්’ නමින් සිය ගෙවත්තේ පැල සිටුවීමේ ව්‍යාපෘතියකටද ඔව්හු එක්වී සිටිති. ඒ සම්බන්ධයෙන් ඡායාරූප පෙළක් ක්‍රීඩකයින්ගේ ට්විටර් මාධ්‍ය ජාලයන්හී මේ වනවිට දැක ගැනීමට හැකිවනු ඇත.
එක් ක්‍රීඩකයකු විසින් තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට මේ සඳහා ආරාධනා කරන අතර එය පිළිගන්නා ක්‍රීඩකයින් සිය ගෙවත්තේ පැල සිටුවන ඡායාරූප සිය ට්විටර් ගිණුමේ පළකළ යුතුය.
මේ වනවිට ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, ධම්මික ප්‍රසාද්, ජීවන් මෙන්ඩිස් යන ක්‍රීඩකයෝ ‘හෝම් ගාර්ඞ්න් චැලේන්ජ්’ අභියෝගය බාරගෙන සිටිති. එහෙත් තවත් ක්‍රීඩකයන් රැසක් මෙම ප්‍රතිචාර දක්වන තුරු ට්විටර් සමාජ ජාලය ඔස්සේ එම ක්‍රීඩකයන් අනුගමනය කරන ක්‍රිකට් ලෝලීහු බලාපොරොත්තුවෙන් සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා හොඳ නැද්ද අක්කර ගණන් පොලොව කොටලා වගා කරන ගොවි මහතුන්ගේ පින්තූර ටිකක් දැම්මනම්.
බොරු සෝබන වැඩ
බඩගින්දරේ ඉන්න වැඩිම පිරිසකට බත් පැකට් බෙදලා දෙන්නේ කවුද කියලා වගේ චැලේන්ජ් එකක් බාර ගන්න කවුරුවත් නැත්ද?
ක්‍රිකට් ගහන්නත් බැරි නිසා ගොවිතැනට බැස්සා නම් නරක ද? කණ්ඩායම බැස්සා නම් හොඳට හාගන්න පුළුවන්.
ගස් හිටවලා විතරක්ම හරියන්නෙ නෑ. ජාත්‍යන්තර ක්‍රීඩකයින්/නායකයින් ලෙස ඇති කීර්තිය හා සම්බන්ධතා උදව් කරගෙන, මිනිස්සුන්ට සහනයක් සැලසිය හැකි, වියලි ආහාර මල්ලෙන් එහාට ගිය, අර්ථවත්, දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම කාලීන අවශ්‍යතාවයක් වගේම වගකීමක්.
වැඩකට නෙති අය කුලප්පු කරන්න එපා
මේගොල්ල කෝටිපතියෝ මිට වැඩිය හොඳ නැද්ද ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ කොට්ඨාශයේ ග්‍රාමසේවකට කතාකරල ප්‍රදේශයේ ඉන්න දුප්පත් මිනිස්සු 20-30 දවල්ට බත් පැකට් එක බැගින් දුන්න නම් , බොරු සෝබන වැඩ නොකර...
දාඩිය වගුරවමින් ගොවිතැන් කරන ආකාරය බලන්න...
මීට වඩා වැදගත් ප්රවෘත්ති ඇත්තෙම නැද්ද?
පිස්සු නැත්නම් ෂෝක් ...!!!
මීට වෙඩිය හොන්දා එදා වේල හම්බ කරගෙන කන්ඩ විදියක් නෙතුව ඉන්න දුගී දුප්පත් අසරණයන් වෙනුවෙන් යමක් කරන එක..
බොරු සෝබන එපා
ඇෆ්ගනිස්තානේ , බංගලාදේශය පවා මේ ගොල්ලට විශාල අභියෝගයක් වෙලා තිබෙනකොට , මල් පෝච්චියක පැළයක් හිටවන එක හැරෙන්න මොනවද කරන්න පුළුවන් , අක්කර කාලක් කැලේ කොටලා හේනක් කරන්න මේ ගොල්ලට පුලුවන්ද ?
මේ වගේ සුළු ක්‍රියා වලටත් වැදගත් ලැබීම අරුමයක් නොවේ..
ෂා...හ්.... මට ලියන්න දෙයක් නැහැ.. මේ ගොල්ලෝ ලියන්න තියෙන දේවල් ඔක්කොම පල කරලා...
මේ අයව කොහොමත් හොද ඔය වගේ වැඩකට තමා... නැතුව ක්‍රීඩා කරන්න නෙමේ...
පුලුවන් නම් බංග්ලාදේශ් ටෙස්ට් සීරිස් එක දිනලා පෙන්නන්න ෂෝ එපා අප්පා... අපි මේවට හිනා වෙන්න ඕනේ කොහෙන්ද? දිමුත් අයියේ ටීම් එකේ ප්ලේස් එකත් නැති නිසා කුබුරට බහින්න චන්දිමාල් සහ ජීවන් මෙන්ඩිස් ...
එදා අරවින්ද , අර්ජුන , කළු , වාස් , මුරලි ,මහානාම, ගුරා මුළු ලෝකෙටම අභියෝගයක් වුණා. අද මෙගොල්ලට ඇෆ්ගනිස්ථානය සහ බන්ගලදෙශයත් අභියෝගයක් වෙලා... ගෙදරට වෙලා පැල වලට අභියෝග කරමු , මුරලි නිහඩව කරන සමාජ සත්කාර වැඩ වලින් 5% වත් මේ තුන්දෙනා කරලත් නැහැ කරන්නත් බැහැ ,