(තරිඳු ජයවර්ධන)
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මහතාට පොලිස් ඇප ලබාදීමේ සිද්ධිය පොලිස්පතිවරයාගේ අවධානයට ලක්වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
බීමතින් රිය පදවා අනතුරක් කිරීම සහ අනතුරට ලක්වූ තැනැත්තා රෝහල් ගත වී සිටීම සැලකිල්ලට ගෙන ඔහුට පොලිස් ඇප ලබා නොදී අධිකරණයට ඉදිරිපත් කළා නම් වඩාත් හොඳ යැයි ද ඒ මහතා කීවේය.
පොලිස් ඇප ලබා දෙද්දී රථවාහන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම්වත් කර නොමැති බව ද පොලිසිය කියයි.
කෙසේ වෙතත් අනතුරට ලක්වූ තැනැත්තා වැඩිදුර විමර්ශන අවශ්‍ය නැති බවට ප්‍රකාශයක් ලබාදී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
හෙට උදේ කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දිමුත් කරුණාරත්න මහතාට දැනුම් දී තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා බීමතින් රියපදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ රිමාන්ඩ් බාරයේ පසුවූ බව ද පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිව ආදර්ශයට අරන්. ජනාධිපතිත් කියන්නේ එයා මොකුත්ම දන්නේ නැහැ කියලනේ....
අසාධාරණයි, මන්ද යත් හැම පුරවැසියෙකුටම එක හා සමාන නීතියක් රට තුල නොපැවතීම... මොහු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පවුල් බලපුලුවන්කාරකම් වලටද? දේශපාලන පාට, පක්ෂ වලින් තොරවයි පවසන්නේ.. ජේ.වී.පී. නායකයෙකු වන ලාල්කාන්ත වැනි අය ඒ මොහොතේ අත්අඩංගුවට ගැනීම කෙසේ සිදුවෙයිද? ඒකීය රටක් තුළ මෙසේ නීති වෙනස්වෙයි නම් කවර කතාද? මෙවැනි දේ කළ පොලිස් ස්ථානයටත් එසේ රාජකාරියේ නියුතු වූ නිලධාරීන්ට එරෙහි විනයානුකූල පියවර ගත යුතුයි. එසේ නොකළහොත් රටේ ඇති නීතියේ සාධාරණය සහ අසාධාරණය ලෝකයට මැනවින් පෙනේ. මේ එකක් පමණි. රටේ සැමට එක හා සමාන සාධාරණීය නීති සංග්‍රහයක් ස්ථාපිත වේවායි පතමි...
බැරිවෙලාවත් දික්වෙල්ල උනානම් දවස් 14 ක් රිමාන්ඩ් .නීතිය සැමට එක සේ විය යුත්තේය.
මේකට විශේෂ උවමන නැහැ නීතිය කටත් සමාන විය යුතුය විනයක් නැති හරක් ගෙන් රටට සහ ක්‍රීඩාවට ඇති පලය කීම
සිල්වා මහත්තයෝ , ප්‍රාර්ථනා තියෙන්නේ හිත සනසා ගැනීමට විතරයි. ඔය රටේ ඉන්න හොරු තක්කඩි සහ මංකොල්ලකාරයින්ට විරුද්ධව ජනතාව ක්‍රියා නොකළහොත් ඔය බලපුළුවන්කාරකම් ඇත්තෝ හැමදාම යහමින් වැජඹේවි ..නීතිය අවනීතිය ඔය ඔක්කොම අපි වගේ අවශේෂ උදවියට විතරයි..
නීතිය කටත් එක විදියේ නැත්නම් මොකද්ද සධාරණය බීමත්ව රිය පැදවීම කොයිතරම් නීති තිබුණත් ගානකට ගන්නේ නැති තත්වයක් ..... ඒ නිසා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න
බීමත්ව අනතුරක් සිදුකරට පසු අනෙක් පාර්ශවය විමර්ශනයක් ඕනේ නේ කිව්වොත් ගැටළුවක් නැතිද ?මේවා වැරදි පුර්වාදර්ශ නේද ?
මෙය ලංකාවේ තියෙන ලොකු ප්‍රස්නයක් . නීතිය ක්‍රියාත්මක වෙන්නේ පුද්ගලයාගේ සමාජ තත්වය බලල . හරි කනගාටු දායකයි .
වින්දිතයා පරීක්ෂණයක් එපා කීවා කියලා අනතුරක් කලත් නොකලත් බීලා වාහනයක් එලවා ගොසින් අසුවුනොත් ලංකාවේ පොලිසිය ඔහොම කලාට ලෝකයේ වෙන කිසිම රටක පොලිසියක් එයට බුරිලක් දෙන්නේ නැහැ. පොලිසියට ඇති හැකි , ජනප්‍රිය , බලවත් කියන මොවුන් ළඟ නැවෙන්න සැලැස්සුවේ කවුද?
මොහු දිනපු ක්‍රිකට් ජයකුත් නැත. කල සේවයකුත් නොදනිමි. එවැනි කෙනෙකු මහජන නියෝජිතයෙකුට වඩා වැදගතෙකු වුනේ කොහොමද පොලිස්පතිතුමනි. මතට තිත මොහුට නැතිද
ඉතාම වැරදිය. පිටරට සංචාර වලත් මේ අය හැසිරෙන හැටි අපි දන්නවා. දික්වල්ලත් දවසක මැච් එකක් තියෙද්දී රෑ 2 වෙනකම් බීල ගිහින්. විනයක් තියෙන නායකයන්ට අනිත් අය අකමැතියි...
ලංකාවෙන් පිට ගියොත් මැච් එකක 20 ට වඩා ගහන්න බැහැ එත් මෙගොලොන්ට පාටි නම් තියනව හැමදාම
මේ දේ මට උන්නන්ම් මන් තාම කුඩුවේ, නිතිය සමාන බව නොදන්න රටකි ....
පුදුමය කියන්නේ මෙහෙම ඇප ලබා දීල තියන්නේ බොරෙල්ල පොලිසිය. ඔවුන්ගේ ඕ අයි සී බීමත් නරුමෙයෙක් හප්පා මරා දමා මාසයක් වත් නොමැත.
ලංකාවේ කවද්ද සාධාරණ වැඩක් කලේ...ලොකු මිනිහට එක විදිහක්.. පොඩි මිනිහට තව විදිහක්.. ඔය ලොකු මිනිස්සු ඒගොල්ලන්ට ඕන විදිහට නීති හදන්නත් පුළුවන්... එහෙමට රටක් ලංකාව කියන්නේ... අද කොහොමද ඕක පොඩි මිනිහෙක් ඇති උන නම්..ලංකාවේ නීති පද්දතිය පිළිලයක්... මේ නීති රකින මිනිස්සුම ඒගොල්ලන්ගේ වාසියට මේ නීති වෙනස් කරනවා... අපි පොඩි මිනිස්සු එකාවන්ව නැගිටින්න ඕන.. අපේ ඡන්දෙ අරන් උඩට යන උන් රට විනාස කරනවා... හොද මුහුණක් මිනිස්සුන්ට පෙන්නුවට.. තිරය පිටුපස වැඩ ටික මේගොල්ලන්ගේ ගන්නම දෙයක් නැහැ....
ක්‍රිකට් ගහන අයියලාගේ වැඩ පේනවා දැන්. ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ ආදරය අභිමානය හැගීම් එක්ක සෙල්ලම් කරන රටේ නිතිය තුට්ටුවකට මායිම් නොකරන පිරිසක් ඉන්න ක්‍රිකට් ටීම් එකක්.... කෝ ක්‍රීඩාවට තිබිය යුතු විනය. මොකක්ද පාසැල. බේබද්දෝ කොහේ ගියත් බොනවා. කාටද කියන්න පුළුවන් විදේශ සංචාර වල ගිහිල්ල ක්‍රීඩා කරනවා නැත්තම් බොනවද කියල. කෝ මෙතරම් කාලයක් පාලක මණ්ඩලවලට බැරිවුණාද විනයක් හදන්න ක්‍රීඩාවට. ක්‍රිකට් ගහනවද නැත්තම් පිස්සු කෙලිනවද කියල හිතාගන්න බැහැ. අර එක්දින තරග කායක අයපීඑල් ගිහින් සල්ලි වලට දක්ෂකම් පවා දෙනවා.
දැන් සති දෙකකට ඉස්සෙල්ලා අජිත් රෝහණ තුමා පොලොවේ හැපි හැපී කිව්වා නේද "නයිට් ක්ලබ් ගානේ බීලා පාරේ ජෝගි නටන්න නොදෙමි" කියලා