IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දෙමටගොඩ චමින්ද ඝාතන නඩුවකින් නිදොස් කර නිදහස් කරයි

(මනෝප්‍රිය ගුණසේකර)

පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි මරණීය දණ්ඩනය ලැබ මේ වන විට බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්ද ඇතුළු විත්තිකරුවන් තිදෙකු සියළු චෝදනවලින් නිදොස් කොට නිදහස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එක් විත්තිකරුවකුට පමණක් මරණීය දණ්ඩනය නියම කළේය.

සරත් බණ්ඩාර හෙවත් එස්.එෆ්. සරත් නමැති විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල  සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් ඔහුට මරණීය දණ්ඩනය නියම කළ විනිසුරුවරයා සෙසු විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කරමින් ඔවුන් තිදෙනා සියළු චෝදනවලින් නිදොස් කොට නිදහස් කළේය.

2014 අගොස්තු පළමුවැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩ වනාතමුල්ල ප්‍රදේශයේදී එච්. දුමින්ද හෙවත් චානක නමැත්තාට වෙඩි තබා ඝාතනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.

සිද්ධිය වු දින රාත්‍රීයේ මරණකරු වන එච්. දුමින්ද හෙවත් චානක නමැත්තා සේවය කරමින් සිටි ‘සැලුන්’ එකට කඩා වැඳුණු විත්තිකරුවන් ඔහුට වෙඩි තබා ඝාතනය කළ බවට සාක්කි ඉදිරිපත් විය.

 



අදහස් (1)

දෙමටගොඩ චමින්ද ඝාතන නඩුවකින් නිදොස් කර නිදහස් කරයි

Srinath priyantha karunarathna Tuesday, 01 April 2025 06:27 PM

විත්තිකරුවන් kiyanne එක්කෙනෙක් නොවේ ??අනිත් අය නිදොස් කොට nනිදහස් une කොහොමද ???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site