
(සුදත් එච්. එම්. හේවා)
දිපවාලිය සැමරිම සදහා හැටන් ආශ්‍රිත වතුකරයට පැමිණි පිරිස් සදහා නැවත කොළඹ බලා යාමට ප්‍රමාණවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
දිපවාලි උත්සවය සැමරිම සදහා කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල සිට හැටන් ආශ්‍රිත වතුකරය සදහා විශාල පිරිසක් පැමිණි අතර එම පිරිසට නැවත සේවා ස්ථාන සදහා යාමට ප්‍රමාණවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස් මෙසේ දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් මගින් පිරිසක් පවසන ලද්දේ දිපවාලි උත්සවය සැමරිම සදහා පැමිණි තමන්ට නැවත කොළඹ දක්වා ගමන් කිරිමට ප්‍රමාණවත් ලෙස බස් රථ නොමැති විමෙන් තමන්ට පැය ගණන් මෙසේ බස් නැවතුම් පලේ රැදි සිටිමට සිදුව ඇති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර තොණ්ඩමන්ලටත් ඉහළින් වතුකරයේ මාලිමා කෙල්ලට කියන්න එයා තමයි වතුකරේ ගැලවුම් කාරී.
ජීවිතයේ හැමදාම දුක් විඳින අඩුගානේ තමන්ට උප්පැන්නයක් නැති සේවක අර්ථසාධක අරමුදල තර කරන ඒත් ඕනෑ අසාධාරණයක් ගැන කතා නොකර හිත හදාගන්න කවදාවත්ම ආණ්ඩුවට විරුද්ධව කැරැලි ගහන්නේ නැති අහිංසක මිනිස්සු....!