IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුප්පතාට වම් අතින් සහනාධාරයදී දකුණු අතින් එය පිට්පොකට් ගහනවා

(යොහාන් භාසුර)

දුප්පත් ජනතාව ලක්ෂ 34 කට වම් අතින් සමෘද්ධි සහනාධාරය දී දකුණු අතින් විදුලි සහනය උදුරා ගන්නා බවත් විදුලිබල මණ්ඩලය ඒකක 60 කට අඩු දුප්පත් පවුල් ලක්‍ෂ 34 ගලවා ගැනීම සඳහා ලෝක බැංකුව සමඟ කටයුතු කරමින් සිටියදී අනිත් පැත්තෙන් ගාස්තු සියයට 250 කින් වැඩි කිරීමට යෝජනා කරන බවත් හිටපු විදුලිබල අමාත්‍යවරයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා අද (8) පැවසීය.

ඒකක 60 අඩුවෙන් භාවිතා කරන ලක්ෂ 34 ක විදුලි පාරිභෝගිකයා දුප්පත් ජනතාව යැයි සළකන්නැයි යෝජනා කළ බව කී රණවක මහතා ආර්ථික ස්ථායිකරණ කමිටුවේ එම යෝජනාව ගැසට් කර ඇති බව ද සඳහන් කළේය.

වර්තමානයේ පවුල් ලක්ෂ 17 ක් සමෘද්ධි ලබන අතර තවත් ලක්ෂ 11 ක් සමෘද්ධිය ඉල්ලා ඇති මොහොතක ආණ්ඩුව දුගී දුප්පත් ජනතාවට වම් අතින් සහනාධාරය දී, දකුණු අතින් එය පිට්පොකට් ගහන බවත් භාණ්ඩාගාරය, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ප්‍රධාන බැංකු දෙක එක්ව ප්‍රශ්නය විසඳාගත යුතු බවත් ඒ මහතා කීය.

පෞද්ගලික ව්‍යාපාරවලට මෙන්ම අනෙකුත් පිරිස්වලට රාජ්‍ය බැංකු සියයට 15 ක පැරණි පොලියට ණය ලබාදී, ලංකා විදුලිබල මණ්ඩලයට සියයට 34 ක පොලියකට ණය ලබාදීම තුළින් විදුලිබල මණ්ඩලය රටේ සියලු ප්‍රශ්න විසඳන තැනක් බවට පත්කර තිබීම වැරදි බවත් වියදම් පියවා ගැනීමට නැවත වතාවක් විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳව යෝජනා කීපයක් ලංකා විදුලිබල මණ්ඩලය සකස් කර ඇති බවත් රණවක මහතා සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයට එහි වියදම කප්පාදු කිරීම ගැන යම්කිසි යෝජනාවලියක් ඉදිරිපත් කළ යුතු බව කී රණවක මහතා සඳහන් කළේ වියදමට සරිලන ආදායම ලෙස මණ්ඩලයේ තාක්ෂණික අකාර්යක්ෂමතාවයට, මුල්‍ය අකාර්යක්ෂමතාවයට සහ අනෙකුත් සියලුම ආකාරයේ ඇතිවන්නා වූ දූෂණ හෝ වෙනත් කාරණාවලට ප්‍රසම්පාදනයේදී ගෙවීමට සිදුවීම නිසා අනිවාර්යෙන්ම කාර්ය සාධන ක්‍රියාදාමයන් විදුලිබල මණ්ඩලය හඳුන්වා දිය යුතු බවත්ය.

දිනකට ගිගාවොට් පැයක ඉල්ලුමේ අඩුවක් බලාපොරොත්තුවෙන් තවත් ගිගාවොට් පැයක් අඩු කළ යුතු යැයි ලංකා විදුලිබල මණ්ඩලයට ඉලක්කයක් දිය යුතු බවත් වසරකට සියයට 4 කින් විදුලි ඉල්ලුම කළමනාකරණය කළ යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

මහජන උපයෝගීතා කොමිසම ‘යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපදේශනය’ යන මැයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සමන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (8) පැවැත්වූ විද්වත් සාකච්ජාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා එසේ පැවසීය.

 



අදහස් (2)

දුප්පතාට වම් අතින් සහනාධාරයදී දකුණු අතින් එය පිට්පොකට් ගහනවා

Lalla Thursday, 09 February 2023 09:09 AM

දුප්පත්කම අර්ථ දක්වන්න. දුප්පත්කම නම් වැඩකරන ජනතාවට ජීවිතය පවත්වාගෙන යාමට ඇති දුෂ්කරබව නේද? කී ලක්ෂයක් පිනට ඉල්ලනවද?සමෘද්ධිය? අලි පත මිනිස්සු ගැහැනු ආධාර ගන්න පෝලිම්වල ඉන්නව සමහරු ලමයිත් වඩාගෙන. ඒ අයගේ නිෂ්පාදනය ඒක විතරද? මේ තත්ත්වය පාලනය විය යුතුය.

:       1       0

Bamunuarachchi Thursday, 09 February 2023 12:03 PM

සෑම රටකම බදුවලින් කෙරෙන්නේ ඔයටික .ඔය කතාව මෙහෙම කියමු. ජනතාව සීමාවකින් ඉහලට උපයන මුදල දකුණු අතින් පිට්පොකට් ගහලා වම් අතින් දුප්පතාට සහනාදාර දෙනවා කියලා.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site