
(සුජිත් හේවාජුලිගේ)
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව දිළිඳුකම පිටු දැකීමට කෝටි පහක මුදලක් වැය කරද්දී කෝටි 2000 කට වැඩි මුදලක් 2024 වර්ෂයේදී එහි සේවක වැටුප් ගෙවීම වෙනුවෙන් වැය කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
භාණ්ඩාගාර ප්‍රතිපාදන රුපියල් කෝටි පහකින් රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් සවි බල ගැන්වීම සඳහා භාවිතා කර තිබූ බවත් එම මුදලින්ද කෝටි දෙකකට වැඩි මුදලක් පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වෙනත් කටයුතු වෙනුවෙන් වැය කර තිබූ බවත් වාර්තාවේ දැක්වේ.
සමාජ සවි බල ගැන්වීමේ වැඩසටහන් වෙනුවෙන් වැය කර තිබූ මුදල රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට වැඩි බවත් එය මුළු වියදමින් සියයට 51 ක් බවත් වාර්තාව සඳහන් කරයි.
ඒ අනුව දෙපාර්තමේන්තුවේ සේවක පිරිවැය දෙපාර්තමේන්තුවේ අරමුණු ඉටුකර ගැනීමට දරණ පිරිවැයට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගෙන තිබූ බව පවසන විගණන කාර්යාලය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ දිළිඳු බව තුරන් කිරීම සහ සමාජ සාධාරණත්වය සහතික කිරීම උදෙසා ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම බවද සදහන් කරයි.
මේ අනුව දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීමට කාලෝචිත වැඩසටහන් වහා ක්‍රියාත්මක කළ යුතු බවට විගණන අංශය එහි ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත. මේ අතර දෙපාර්තමේන්තුවේ ඩිෆෙන්ඩර් ජීප් රථයක් පැජරෝ රථයක් සහ වෑන් රථයක් ගරාජවල ගාල්කර වසර හතක් ගතවී අැතත් ප්‍රයෝජනයට නොගෙන පැවතුණු බවද වාර්තාව සඳහන් කරයි
සමනල වැව පුහුණු මධ්‍යස්ථානයේ නයි මිරිස් වගා පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ වර්ග අඩි 800ක හරිතාගාරයක් ඉදිකර ප්‍රාග්ධන වියදම් වශයෙන් ලක්ෂ තුනකට ආසන්න මුදලක් වැය කර තිබුණද ප්‍රයෝජනයට නොගෙන පැවතුන බව විගණන අංශ පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන ලේඛනයේය.
2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුප්පත්කමට කෝටි පහයි: සමෘද්ධියේ පඩි දෙන්න කෝටි 2000 යි
සමුර්ධිකා Tuesday, 02 September 2025 01:37 PM
ඒකනේ සමුර්ධිය ඇතිකල කාලයේ සමුර්ධිය විගණනයක් නොකලේ .