
(ප්‍රසාද් රුක්මල් සහ ගයාන් සූරියඅරච්චි)
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ යාපනය ආන්හසරේ පාර කාන්දමම් ප්‍රදේශයේ පදිංචි ව සිට් කේ. සින්දුජන් (24) නැමති සරසවි සිසුවෙකි.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත් 1 වැනි දා සිදු වූ එම අනතුරින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙනකුට මරු කැදවමින් 42 බරපතළ තුවාල සිදු විය.
වේල්ලක ගැටි පෙරලීගිය බස්රථ අනතුරින් තුවාල ලබා බොරලැස්ගමුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම සිසුවා මියගොස් ඇත.
කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් එහි කථිකාචාර්යවරුන් ඇතුලු පිරිසක් සමඟ බදුල්ල ට පැමිණ යලි පස්සර සිට බදුල්ල හරහා රන්ටැබේ බලා යමින් සිටියදී ඉකුත් 1 වනදින උදෑසන බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේ දී එම අනතුර සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බසය බාරව ගියා කියපු ඉහළ නිලධාරිතුමාගේ දක්ෂකම තමයි කියලා හිතෙනවාද?