(යොහාන් භාසුර)
ජපානයේ ටෝකියෝ නුවරදී දැන් පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් (‘එෆ් 46’ කාණ්ඩය) ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කම දිනූ යුද හමුදා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටියක (ලක්ෂ 100) මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
එම ක්‍රීඩා උළෙලේදීම ‘එෆ් 64’ කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ සමිත දුලාන් කොඩිතුවක්කුට ද රුපියල් ලක්ෂ 10 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිඳු විවාදයක් නැත... එම ජයග්‍රාහකයින්ව ඇගයිය යුතුයි. නමුත් එම ඇගයීම ඇයි ක්‍රිකට් ආයතනයෙන්? එය රජය හෝ මලල ක්‍රීඩා සංගමය කළ යුතු දෙයක් නොවේද? නිකන් හිතුණා ඇහුවා... මෙය වැරදි මත සමාජ ගත කිරීමක් නොවේ. මාගේ මතය වැරැදි විය හැක...
මෙයා ආණ්ඩුවට කඩේ යන කතා කිහිපයක් ඊයේ පෙරේදා කියලා තිබුණා. ජයග්‍රාහකයා එක එකාගේ දොළ පිදේනිවලට යටවෙන්න ගියොත් අන්තිමට සුසන්තිකාට වුණා වගේ කවුරුත් ගණන් ගන්නේ නැති තත්වයට වැටෙයි. මෙයා ලෝකඩ පදක්කම දිනා ගත්තේ අවසන් ඔලිම්පික් උළෙලේදී. තාත්තා අගමැති නිසා මාස කිහිපයකට කලින් ක්‍රීඩා ඇමති වූ නාමල් නිසා කොහොමද ඔයා රන් පදක්කම දිනාගත්තේ? එහෙම කියන්න කියලා මිනිහා ඔයාට කළු සල්ලි කියක් දුන්නද?
එතකොට අනිත් ජයග්රාහකයාට මුකුත් නැතිද?
මීළඟ මහා මැතිවරණයේදී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලනවාලු...
සතුටුයි, මලල ක්‍රීඩාව දිරිගැන්වීම මගින් තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වළකාලයි..
හෙල්ල විසි කිරීම සහ ක්‍රිකට්...? කරකවලා අතහැරියා වගේ දැනෙන්නේ...!!!