(එස්.ඩී. කොඩිකාර)
රටේ පැතිර යන කොරෝනා වයිරසය හේතුවෙන් දෙනියාය මූලික රෝහලේ කාර්ය මණ්ඩල නේවාසිකව සිටි ඇතැම් පෞද්ගලික කුලී නිවාස හිමිකරුවන් ඔවුන්ට තවදුරටත් එම ස්ථානවල රැඳී සිටීමට ඉඩ කඩ ලබාදීමට අකමැත්ත පළකර සිටි හෙයින් එම කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා අද (23) පැවසීය.
විශේෂයෙන් මේ හේතුවෙන් එයට විසඳුමක් ලෙස තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සහ කොටපොළ ප්‍රාදේශීය ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ මැදිහත්වීම මත දෙනියාය තේ පර්යේෂණායතනය සහ රාජ්‍ය පරිපාලනයට අයත් සංචාරක නිකේතන දෙක එම කාර්ය මණ්ඩලය සඳහා වෙන් කර දුන් බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයගෙන් කිසිම දවසක කිසිම කෙනෙක් කාමර කුලියට ගන්න එපා.
මමත් ගෙදර හිටියා ඉස්පිරිතාලේ වැඩ කරපු ඔක්කොම එලෙව්වා, අපිට කොරෝනා හදාගන්න බැහැනේ....
එතකොට ඇත්තටම රෝහල් ගත වෙන ලෙඩක් හැදුනොත්.... කාලකන්නි. බය බව ඇත්ත. රජයෙන් මොකුත් ක්‍රමවේදයක් මේ සඳහා අත්‍යවශ්‍යයි. රෝහල් සේවකයින් විශේෂයි. සමහර සාමාන්‍ය රැකියාවල අයත්, බැංකු සේවකයිනුත් අයින් කරපු තැන් තියෙනවා. සල්ලි අතගානවා කියලා. එ්ත් කරුමේ, සමහර මෝඩයෝ මේවා ගැන තැකීමක් නැහැ... ඔහේ පවුල් පිටින් බැංකුවලට, සුපර් මාකට්වලට බඩගානවා...
අනිච්ඡා වත සංඛාරා මීනිසා මීනිසා නසයි...