(එස්. ඩි. කොඩිකාර)
දෙනියාය, වරල්ල ප්‍රදේශයේ අද (16) අලුයම ඇති වූ හදිසි ගින්නකින් රෙදිපිළි වෙළදසැලක් සහ පාවහන් වෙළදසැළක් ගින්නෙන් දැවී ගොස් ඇතැයි කොස්මෝදර පොලිසිය කියයි.
ගින්නෙන් ඉහළ මාලයේ පවත්වාගෙන ගිය රූපලාවන්‍යාගාරයටද හානි සිදු වී තිබේ.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් ද නැතහොත් බුදු පහනෙන් ගිනි ඇවිලීමක් ද යන්න සොයා බලන බව පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
ගින්නෙන් ඇතිවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්න හේතුවෙන් දෙමහල් ගොඩනැගිල්ලට ද දැඩි හානි සිදුවී තිබේ.
වසා දමා තිබූ වෙළඳ සල් දෙක ඇතුළෙහි දුමක් නැගෙන අයුරු අසල්වාසී කාන්තාවක් දැක එක් වෙළඳසැළක දොරක් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව අලවංගුවක ආධාරයෙන් කඩා ගින්න වතුර ගසා නිවමින් සිටින අතරතුර අනෙක් වෙළඳසැළට ද ගින්න ඇවිලී ඇති බව ප්‍රදේශවාසීයකු පැවසීය.
පසුව දෙනියාය පොලිසියේ,මොරවක පොලීසියේ,කොටපොළ පොලිස් විශේෂ කාර්ය බළකායේ ජල බවුසරය පැමිණ ගින්න නිවීමට සහාය දැක්වුවද ඒ වන විටත් වෙළඳසැල් දෙක ගින්නෙන් විනාශ වී ගොස් තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd