
( තිලකරත්න දිසානායක.)
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටලීමක් සිදු කොට අත් අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සඳහන් කරයි.
එම අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනයේ දී කුරක්කන් කිලෝ ග්‍රෑම් 30 බැගින් වූ ඇසුරුම් 740 ක, නිෂ්පාදිත වර්ෂය 2024 ලෙස හා එය මාස 12 ක් ඇතුළත භාවිතා කල යුතු බවට ඉන්දියානු නිෂ්පාදකයා විසින් සඳහන් කොට තිබුණද , ශ්‍රී ලාංකික ආනයනකරු විසින් ඇසුරුම් කළ වර්ෂය හා මාසය, 2024 අගෝස්තු සහ කල් ඉකුත්වන වර්ෂය හ මාසය, මාස 24 ක් ඉදිරියට යොදමින්, 2026 ජූලි ලෙස ස්ටිකරයක් මගින් වෙනස් කර වෙළඳපලට නිකුත් කිරීමට කටයුතු යොදා තිබූ ආකාරය නිලධාරීන්ට සොයා ගැනීමට හැකිව ඇත.
මෙම කරුණු අධිකරණයට වාර්තා කර අදාළ ව්‍යාපාරිකයාට විරුද්ධව නීතිමය කටයුතු සිදුකිරීමට කටයුතු යොදා ඇති බවත් ඉදිරි උත්සව සමය තුල මෙවැනි භාණ්ඩ වෙළඳපලට නිකුත් කිරීම වැලක්වීමට දිවයින පුරා විමර්ශන සහ වැටලීම් සිදුකරන ලෙස නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බවත් එළඹෙන උත්සව සමය තුළ තොරතුරු වෙනස් කරන ලද ආහාර ඇතුළු භාණ්ඩ වෙළඳපලට නිකුත් කිරීම වැලැක්වීම සඳහා මෙම විශේෂ වැටලීම් ක්‍රියාත්මක වන අතර එහිදී තොග ගබඩා සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරනු ලබන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් මේ අසමජ්ජාති වැඩේ කරලා රටේම ජනතාවට වස විස කවන එවුන්ට නීතිමය පියවර ගෙන දැඩි දඬුවම් දෙන්න වග කිවයුතු නිළධාරීන් ගේ රාජකාරියකි.
ව්‍යාපාරිකයාගේ නම සහ ආයතනයේ නම දැනගැනීම මහජනතාවගේ අයිතියක් ?
ඇල්ලුවට දඬුවම් නෑ .ලක්ෂයක් දඩ ගහලා නිදහස් කරනවානේ .ඕවා කන මිනිස්සුන්ටනේ විඳවන්න වෙන්නේ .පුදුම රටක් මේක
මම හිතන විදිහට මේ ව්‍යාපාරිකයා මීට කළිනුත් මිරිස්කුඩු සහ කහ කුඩු වලට අහුවුණු කෙනෙක්... නම සහ ඔහුගේ විස්තර ජනතාවට ලබාදිය යුතුයි.