
(අංජුල මහික වීරරත්න)
මෙරට ඉතිහාසය සහ අනාගතය එක් කරන ප්‍රධාන මාධ්‍ය ලෙස මෙන් ම ආරක්ෂිත හා අඩුම වියදමකින් සේවා සපයන ස්ථානයක් බවට ශ්‍රී ලංකා තැපැල් සේවාව පත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ඉදිරි දැක්ම කරගත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව ප්‍රධාන තැපැල් කාර්යාලය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) ජනතා අයිතියට පත් කෙරුණු අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.
පොළොන්නරුව ප්‍රධාන තැපැල් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව මුද්දර උප කවුළුව විවෘත කිරීම, උප කාර්යාලය මගින් නිකුත් කරන ලද පුද්ගලකාරක මුද්දරය පිරිනැමීම සහ ප්‍රථම ගණුදෙණුව සිදු කිරීම ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අතින් සිදු විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී කියා සිටියේ වසර 228 පමණ ඉතිහාසයක් සහිත මෙරට තැපැල් සේවාව සැලසුම් සහගතව සංවර්ධනය කරන බවයි.
ලංකාවේ ඉතිහාසය සහ අනාගතය එක් කරන ප්‍රධාන මාධ්‍ය ලෙස තැපැල් සේවාව පත් කිරීමට තැපැල් කාර්යාල 4000 කින් සහ 22,000 පමණ වන තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය දායකත්වය ලබා දිය යුතු බව ද අමාත්‍යවරයා කීය.
දැනට භාණ්ඩාගාරයෙන් යැපෙන තැපෑල නවීන තාක්ෂණික සේවාවන්, නව මුහුණුවරක් ද සමගින් ලාභ ලබන ආයතනයක් මෙන්ම ජනතාවට එන්න හිතෙන තැනක් බවට පත් කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දැන් භාණ්ඩාගාරෙන් යැපෙන තැපෑල ලාභ ලබන තැනක් කරනවා
ගුණරත්න Thursday, 17 July 2025 02:45 PM
ජර්මන් තැපෑල වගේ ලොකු ව්‍යාපාරයක් කරන්න බැරිකමක් නැහැ. ප්‍රශ්නය ඕකේ අරක්ගෙන ඉන්න වෘත්තීය සමිති මාෆියාව, ඔවුන් ප්‍රතිසංස්කරණ වලට කැමැති නැහැ...!
මහසෙන් Thursday, 17 July 2025 02:46 PM
මාන්නය ගේන්නේ විනාශය...