(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවට වෙට්ටු දමා බදු පැහැර හරින්නට නොහැකි අන්දමේ යෝජනා මෙවර අයවැයේ සඳහන් වීම ඉතාම වැදගත් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (14) පැවසීය.
බැංකු ජංගම ගිණුමක් ආරම්භ කිරීමට, මෝටර් රථයක් ලියාපදිංචියට, ඉඩමක් හෝ හිමිකමක් ලියාපදිංචියට බදු අනිවාර්ය අංගයක් බවට පත් කර තිබෙන අතර මෙය ඉතා වැදගත් තීරණයක් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අයවැය දෙවැනි වර කියවීමේ පළමු දින විවාදයට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර මහතා මෙසේද කීය.
ආර්ථික දේශපාලනික සමාජ අභියෝග රැසක් මැද මෙවර අයවැය ඉදිරිපත් කරනවා. මෙරට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට අපි මුහුණ දුන්නා. බංකොළොත්භාවය පවා ප්‍රකාශයට පත් වුණා. නීතියේ ආධිපත්‍ය, රටේ ආරක්ෂක තත්ත්වය බිඳවැටිලා, තෙල් හා ගෑස් පෝලිම් තිබුණු යුගයකට අපි මුහුණ දුන්නා. මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තැබීම, විපක්ෂ නායකවරයාට ගෝල්ෆේස් එකේදි පහර දීම යනාදී සිදුවීම් අමතක නොකළ යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියපල්ලකො ඡන්දෙ ..ඉතිරි ටික අපි බලාගන්නම්.
අනේ බයියෝ, උඹගේ සියා වගේ තෙල් බෙහෙත් කියලා පොල්තෙල් පාටකරලා ,පොලක් පොලක් ගානේ විකුනපන්,කවි කොලයක් විකුනපන්, මේ වගේ බොරු වපුරන්නේ නැතිව.
tax හොරුන්ට බදු උපදේශකයෝ ඉන්නවා, උන් කොහොමත් බේරෙනවා. මෙයින් කවදාවත් බදු ආදායම වැඩි වෙන්නේ නෑ. දරුණු විදියට ආර්ථිකේ තව තව හැකිලෙනවා. මේකෙන් විශාල ආර්ථික සන්කොචනයක් වෙනවා. වාහන දේපල වෙළඳාම් 0 ටම බහිනවා. කොටින්ම වක්‍රව, පෙට්‍රල් ඩීසල් ඉල්ලුමත් බහිනවා.මේක හරියට නහය අතින් වහගෙන දුවන්න කියනවා වගේ වැඩක්. මංගල සමරවීර මුදල් ඇමති කාලෙත් ඔය මෝඩ වැඩේ කෙරුවා. ඒකට උන දේ IR එකේ මිනිස්සු දන්නවා. මිනිස්සු බදු ගෙවන්නේ නැත්තේ මුන්ගේ හොරකම් නිසා. ජාතික විගණන වාර්තාවේ තියෙනවා, ට්‍රිලියන 16 විතර ගත්තු නය ආයෝජන වලින් investment assets තියෙන්නේ ට්‍රිලියන 4 විතර. ට්‍රිලියන 12 හොරා කාලා. මෙතන හදන්නේ නැතුව අතීසාරෙට අමුඩ ගහනවා.
මොන විකාරද ලොක්කා? රජයෙන් වැටුප් ලබන වෘත්තිකයින්ගෙන් ගෙන් බදු කපාගනීවි. ඒත් රජයේ සේවයේ ඉන්න ගමන් Private practice කරන අය, ලෝයර්ලා ඇතුළු professionals ලා, බිස්නස් කාරයෝ බදු වලින් රිංගනවා. ඒ ඔවුන්ගේ ආදායම කොහෙවත් සටහන් නොවන නිසාත් බිස්නස් කාරයින්ගේ tax returns හදන්නේ ආදායම් පාලක මණ්ඩලේම නිලදාරීන් නිසා. 18 වැඩි අයට බදු ෆෝරම් එකක් පුරවනවා නම් ඒ ෆෝරම් එකේ රටේ වෘත්තික යින්ට ගෙවූ මුදල් සටහන් කරන්න කියන්න අන්න එවිට ඒ මුදල් ලැබූ professional ලා අල්ල ගන්න පුළුවන්. රජයෙන්, මණ්ඩල, සංස්ථා එවැනි ගෙවීම් සඳහන් කලාම අදායම් බදු පාලකයෝ ඔවුන් පසුපස යනවා. සාමාන්‍ය ජනතාවත් ඒ ගෙවීම් පෙන්වනවා නම් ආදායම් බදු පාලකයින්ට ඒ වෘත්තිකයින් අල්ලා ගන්න පුළුවන්.
හාඩ්වෙයාර් කාරයෝ 80% පමණ විකුණන බඩු වලට නියම බිල් පතක් නිකුත් කරන්නේ නැත. නිකන් තුන්ඩු කැල්ලක් දෙනවා. ඔවුන්ගේ ආදායම බලාගන්නේ කොහොමද? ඔවුන් ගැන සොයන නිලධාරීන්ට ගාන දීල ෂේප් වෙනවා. තලවතුගොඩ පැත්තේ බිල් නොදෙන හාඩ්වෙයාර් කාරයින්ගේ නම් වලින් කියන්නම්.
ඉස්ස ඉස්සෙලාම කියන්නකෝ 225 හරියට බදු ගෙවනවාද කියලා .බැහැ නේද ?එතකොට හොරකම් කරලා වංචා කරලා හොයාගත්තු දේවල් මාට්ටු නේද ?දෙවනුව හෙන්චයියලා ටික
තාක්ෂණික පහසුකම් තියෙන මේ කාලයේ ජංගම ගිණුම් මොකටද කියලා හිතෙනවා අපි හිතමු වාහනයක හිමිකරු මියගියා කියලා... එවිට වාහනය කලත්‍රයාට පැවරීමට කටයුතු කරන්න ඕනෑ... ඔවුන්ට ආදායම් බදු ගෙවීමට තරම් ආදායම් නැහැ. එහෙම වෙලාවේ මොකක්ද කරන්නේ? අනෙක වයසක අම්මා කෙනෙක් නැත්නම් තාත්තා කෙනෙක් තමන්ගේ දේපළ දරුවන්ට ලියාදෙනවා... ඒකට බදු අංක ඉල්ලීම සාධාරණයි කියන්නේ කොහොමද? මේවා විහිලු කියන්න පුළුවන්. මෙයිනුත් වෙන්නේ තල්මසුන්, මෝරුන් බේරී කූණිස්සෝ, හාල්මැස්සන් පමණක් අසුවන තත්වයක් පමණයි.. ඒකනේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා තිබුණු පොලියෙන් අයකළ මුදල් ආපසු ගැනීමට පෝම් පුරවාගෙන කාර්තු පාසා ආදායම් දෙපාර්තමේන්තුවට එන්න කියන්නේ එහෙම නිලධාරින් මෙහිදීත් අහිංසක මිනිස්සු පීඩාවට පත්කරාවි..!
බදු වලට වෙට්ටු දමන්නේ උඹලාට කඩේ ගිය උන් මිස බදු ගෙවන ජනතාව නොවේ
බදු කියන්නේ රටක ආර්ථිකය ශක්තිමක් කිරීමට එරට ජනයා කල යුතු කැපකිරීමක් ලෙසත් ඒ වෙනුවෙන් රටතුළ ආදායම් උත්පාදනය කිරීමට අවැසි යටිතල පහසුකම් ,නිෂ්පාදන,නවෝත්පාදන , බලශක්තිය, පහසුකම් ලබාදීමටත් ඒවායේ නිෂ්පාදන පිරිවැය අවමකරගැනීමට අවශ්‍ය පසුබල සහාය සැලසිය යුතු වනවා ,එමෙන්ම මේ රටේ වතු හා කෘෂි ආර්ථිකය පවතින ගම්වලට තවමත් වාහන ගමන් කිරීමට පාරවල් ඇත්තේ නැහැ ඔවුන් තම නිෂ්පාදන ප්‍රවාහනය සඳහා වැඩි පිරිවැයක් දරන්ට සිදුවී තිබෙනවා මෙම පහසුකම් රජය සොයා බලා ඇතිකල යුතු වෙනවා.එමෙන්ම සෑම අස්සක් මුල්ලක් පුරාම පිලිකාවක් ලෙස පැතිරී ඇති අල්ලස වංචාව දූෂණය මෙය මේ රටේ සංවර්ධනයට ලොකු හානියක් කර තිබෙනවා අපේ රටේ ගම් මට්ටමේ ආර්ථිකය ශක්තිමත් කරන්න මොනවාද බලධාරීන් කර ඇත්තේ.,හරියට නිෂ්පාදන බෙදාහැරීමට අතරමැදි සූරාකෑම් වලකන යාන්ත්‍රණයක් සකසා තියනවද,කෝ මේවායේ නියාමනයක් කිසිත් නැහැ එමේන්ම අමාරුවෙන් හරි පොලොවේ හැප්පිලා වාහනයක් ලීසින් කරල හරි අරගෙන ඒකෙ නඩත්තු වියදම හතරගුණයකින් වැඩිවෙලා දැං බදුත් ගෙවන්න වුනොත් මොකක් වෙයිද? මේරටට සැලසුම් සහගත ආර්ථිකයක් හදන්නේ කැපකිරීම් සහිත මාලිමාව රජයකින් පමණයි ඒසඳහා රටම එකතුවෙමු .