ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 275ක අගයක් දක්වා අද (16) පහළ වැටිණි.
ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙතරම් අගයට පහළ වැටුණු මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 264.66 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 274.99ක් විය.
මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය/අගය රුපියල් 275ක් ලෙස දැක්විණි.
මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 20.5ක අගයකින් අවප්‍රමාණය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව පෙබරවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතුව ඇති නිල දළ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,313.8 (බිලියන 2.31) කි.
එයින් විදේශ විනිමය ලෙස පවතින සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,025.1ක් වන අතර රත්තරං සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 97.7කි.
(055)
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
දින දින බාල්දු වන රුපියල
fairoos Wednesday, 16 March 2022 04:30 PM
කබ්‍රාල්ට බෑ... වහාම ඉල්ලා අස්වෙන්න...