
(මහින්ද නිශ්ශංක )
දුම්රිය රියදූරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගය හේතුවෙන් දින තුනක් අඩාලව පැවති දුම්රිය සේවා අද (20) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඊයේ (19) උදේ වරුවේ පැවති එම විභාගයට පෙනී සිටි රියදුරු මහතුන් විභාගය අවසන් වීමෙන් අනතුරුව සවස සිටම නියමිත රාජකාරි සදහා වාර්තා කළ බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමයේ සභාපති නීතිඥ කේ.ඒ.යු. කොන්තසිංහ මහතා පැවසීය.
දුම්රිය රියදූරන් විභාගයට සූදානම්වීම හේතුවෙන් පසුගිය 17 දා සිට ඊයේ (19) දක්වා දුම්රිය අවලංගු කිරීම් සිදු වූ බවත් සදහන් කළ දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේදී දුම්රිය අවලංගු කිරීම් සිදු නොවූ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභ්‍යන්තර කාරණාවක් හේතුකොට දින තුනක් තුළදී මගීන් බරපතල ලෙස අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමැති ඇතුළුව දුම්රිය ප්‍රධානීන් ඉවත් වී කරන්න හැකි කණ්ඩායමකට පාලනය බාර දිය යුතුයි.