
(දමිත් වික්‍රමසේකර)
වාහනයක් මෙරටට ආනයනය කර දින 90 ක් තුළ එම වාහනය ලියාපදිංචි කිරීමට ආනයනකරු අසමත් වුවහොත් එම වාහනයේ පිරිවැය, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහන වටිනාකමින් සියයට 3 කට සමාන මුදලක් බද්දක් ලෙස අයකර ගැනීමට වාහන ආනයනය කිරීමේ සීමා ලිහිල් කිරීමේ නව රෙගුලාසි යටතේ තීරණය කර ඇත.
ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නිලධාරියකු ප්‍රකාශ කර සිටියේ වාහන ආනයනකරුවන් විශාල වශයෙන් වාහන ආනයනය කර ඔවුන්ගේ ප්‍රදර්ශනාගාරවල ගබඩා කර තබා ගැනීම වැළැක්වීම සඳහා මෙම බද්ද හඳුන්වාදී ඇති බවයි. එසේ දීර්ඝ කාලයක් ප්‍රදර්ශනාගාරවල වාහන රඳවා තබා ගතහොත් නැවත වරක් විදෙස් සංචිත ගැටළුවක් මතුවීමේ අවදානමක් ඇතිවිය හැකි බවද එම නිලධාරියා පැවැසුවේය.
විශාල වශයෙන් වාහන ආනයනය කර ප්‍රදර්ශනාගාරවල දීර්ඝ කාලයක් තබා ගැනීමට හැකිවන ආකාරයේ ප්‍රමාණවත් නිල සංචිත ප්‍රමාණයක් තවමත් ශ්‍රී ලංකාව සතුව නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.
රජය කොටස් වශයෙන් වාහන ආනයන සීමා ඉවත් කරනු ඇති බවත් එහි පළමු පියවර වශයෙන් ලබන මාසයේ සිට සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන වාහන සහ අනෙකුත් මගී ප්‍රවාහන වාහනවල ආනයන සීමා ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ එකඟතාවයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ඇති බවත් ඔහු පැවැසුවේය.
එයට කැබිනට් අනුමැතිය ලැබුණු පසු එම කාණ්ඩයේ වාහන ආනයන සීමා ඉවත් කළ බවට දැනුම් දෙමින් ගැසට් පත්‍රයක් නිකුත් කරනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
නැවතත් නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ එකඟතාවයෙන් ලොරි, ටිපර් රථ සහ බැකෝ යන්ත්‍ර වැනි කාර්මික වාහන ආනයන සීමාවන් ඉවත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බවත් නැවතත් ජනවාරි මාසයේදී කාර්, වෑන්, ජීප් වැනි පුද්ගලික වාහනවල ආනයන සීමා පෙබරවාරි මාසයේ සිට ඉවත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ඇති බවත් ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නිලධාරියා සඳහන් කළේය.
යතුරු පැදි ආනයනය කිරීමේ සීමා ලිහිල් කිරීමටද භාණ්ඩාගාරය නිර්දේශ කර ඇතත් එම සීමාව ඉවත් කිරීමේ දිනයක් පිළිබඳව තවමත් එකඟතාවයකට පැමිණ නැතැයි ඔහු ප්‍රකාශ කළේය. කෙසේ නමුත් ත්‍රී රෝද රථ ආනයන සීමා ලිහිල් කිරීමට රජය කිසිඳු සැලැසුමක් නොමැති බවද ඔහු පැවැසුවේය.
එසේම වාහන ආනයන බලපත්‍ර පිළිබඳවද රජය අවසන් තීරණයකට පැමිණ නැතැයි ඔහු ප්‍රකාශ කළේය. වාහන ආනයන බලපත්‍ර 8000 ක් පමණ අනුමැතිය ලබාගැනීමේ පෝලිමේ තිබෙන බවද ඔහු පැවැසුවේය. වාහන ආනයන බලපත්‍ර ලබාදීම සඳහා නව ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අධ්‍යනය කරමින් සිටින බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය. පවතින වාහන ආනයන බලපත්‍ර ක්‍රමය රජයට කිසිඳු අදායමක් ලබා නොදීම එයට හේතුව බවද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ වියදම් වලින් වැඩි ප්‍රමාණයක් වැය වන්නේ රජයේ සේවකයන්ගේ පඩි නඩි විවිධ දීමනා සහ වරප්‍රසාදවලට. අවශ්‍ය ප්‍රමාණයට වැඩිය 3 ගුණයක් රජයේ සේවකයන් සිටියත් කාර්යක්ෂම සේවයක් ජනතාවට සිදුවෙන්නේ නැහැ. රජයේ දෙපාර්තමේන්තු අල්ලස දුෂණයෙන් ඉහ වහා ගිහින්ර. රජයේ සේවකයන්ට රාජකාරී කරන්න රජයේ වාහන අවශ්‍ය පමණට වැඩිය තිබෙන බව පෙනෙනවා. ඔවුන්ට වාහන බලපත්‍ර දෙන්න පවතින ආර්ථික තත්වය යටතේ පුළුවන්කමක් හෝ අවශ්‍යතාවය බදු ගෙවන ජනතාවට නැහැ. කැමති කෙනෙක් රජයේ සේවයේ යෙදෙවී බැරි කෙනෙක් පෞද්ගලික අංශයටයාවී , රජයේ සේවකයෝ අඩු වුන කියල රටට ප්‍රශ්නයක් නැහැ.
ඔන්න බලන්න මහත්වරුනි, පොඩි මිනිහගේ හිතවතා වන මාලිමා ආණ්ඩුව පොඩි මිනිහට සලකන විදිහ. මෝටර් සයිකල් අන්තිමේට.. ත්‍රිවීල් ගෙන්වන්නෙම නෑ.. කාර් වෑන් සැප වාහන විතරයි.. හරිම සන්තෝෂයි!
ණය ආපසු ගෙවීමට ප්‍රමුඛතාවය දෙමු. තියෙන වාහන අරපිරිමැස්මෙන් පාවිච්චි කරමු.
අපි අර booking.com එකේ හෝටල් බුක් කරලා ගියහම review ලියන ආකාරයට රජයේ ආයතන වලින් සේවය ලබාගන්න එන ජනතාවට ඔවුන්ට එම ආයතන වලින් ලබාදෙන සේවය පිළිබඳව review ලියන ක්‍රමයක් අන්තර් ජාලයේ ක්‍රියාත්මක කරන්න ඕනේ , ඉන්පසු එම ලියනලද තොරතුරු වල සත්‍ය /අසත්‍ය භාවය / සාධාරණ බව / අසාධාරණ බව ,පිළිබඳව කෘතීම බුද්ධිය පාදකවන පරිගණක මෘදුකාංගයක් ( A. I . software ) මගින් filter කරගන්න ඕනේ , ඉන්පසු එම ආයතන වලට ලකුනුදීමේ ක්‍රමයක් සකස් කරගෙන , වාහන පර්මිට් ගන්න සුදුසුකම් ලත් නිලධාරිගේ ලැයිස්තුවෙන් හොඳම 20% තෝරාගෙන ඔවුන්ට වාහන පෙර්මිට් දෙන්න ඕනේ , වසරකට දිය යුත්තේ පසුගිය කාලේ දුන්න ප්‍රමාණයෙන් 20% පමණි , මේ ක්‍රමය අනුව කොපමණ සුදුසුකම් තිබුනත් ලකුණු අඩු නම් වාහන පෙර්මිට් නොලැබෙන නිසා , ආයතන ප්‍රධානින් තම දෙපාර්තමේන්තු වල ජනතාවට දෙන සේවයේ ගුණාත්මක භාවය ඉහල දැමීමට උනන්දුවෙන් කටයුතු කරාවී ,එහෙම වුනොත් රජයේ සේවය දියුණු වී විශාල ආර්ථික ප්‍රතිලාභයක් රටට සහ ජනතාවට ලැබෙනු ඇත .
ඔක්‍තෝබර් වල ඉඳන් පොදු ප්‍රවාහනේට ඕන කරන වාහන ගෙන්නන්න නේද ලෑස්ති වුනේ. මහ බැංකුවත් කිව්වනේ දැන් වාහන ගෙන්නන්න පුලුවන් කියලා. ඇයි තාමත් ගෙන්නන්නෙ නැත්තේ. ගෙන්නන්න බැරි නම් අඩු ගානේ ලංකාවේ එකලස් කරන්න වත් පටන් ගනිල්ලා.
අයියෝ පොඩි මිනිහා අන්තිමට දාලානේ මාලිමා ආන්ඩුවෙන් අපි බලන් ඉන්නෙ බයික් ගෙන්වන්නෙ කවද්ද කියලා බයික් එකක් ගන්න
රටේ අනතුරු වලින් බොහොමයකටම හේතුවන අනාරක්ෂිත වාහනයක් වන ත්‍රිරෝද රථ ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතා දැමුවත් කමක් නෑ.