IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දෙදරුමව කැලණි ගගේ කිලෝ මීටර් 10ක් ගසාන යයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කැළණි ගඟේ සැඩ පහරට හසුව කිලෝමීටර්  නවයකට ආසන්න දුරක් මරණය පෙනි පෙනී දියඹේ ගසාගෙන යමින් සිටි 46 හැවිරිදි   දෙදරු මවකගේ දිවි බේරා ගැනීමට කඩුවෙල පොලීසියට සහ ගම්වාසීන්ට හැකිව තිබේ.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ වැලිවේරිය කිරිකීත්ත  ප්‍රදේශයේ  දෙදරු මවකි . ඇය මේ වන විට නැගෙනහිර කොළඹ මූලික  රෝහලේ ප්‍රතිකාර ලබයි.

කැලණි ගඟෙහි නවගමුව ප්‍රදේශයේ සිට කාන්තාවක් ගඟේ ගසාගෙන යන බවට 119 පොලිස් හදිසි ඇමතුම් දුරකථන  අංකය හරහා කඩුවෙල පොලිසියට දුරකථන පණිවිඩය ක් ලැබී තිබේ.

එම අවස්ථාවේදී වසමේ සංචාරයේ කරමින් සිටි  කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාට  ඒ පිළිබඳ දැනුම් දී ඇති අතර වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා කඩුවෙල හන්දියේ පාලම අසලට ගොස් සෝදිසි කිරීමේදී පාලම යටින් සුළු මොහොතකට පෙරදී  එම කාන්තාව ගසාගෙන ගිය බවට  එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුගෙන් දැනගැනීමට ලැබී ඇත.

ඒ සමඟම ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා  කඹයක්ද,විදුලි පන්දම් කීපයක්ද කඩිනමින් සූදානම් කරන ලෙස සෙසු නිලධාරීන්ට උපදෙස් ලබාදෙමින් ගඟට බැසීමට හැකියාව ඇති ප්‍රදේශවාසියෙක් වන සමන් අසිත නමැත්තාද සමඟ  බෝගහ වත්ත පාලම අසලට ගොස්  ඔහු ඟඟට බැසීමට සූදානම් කරවා , සෙසු පිරිසගේද සහය පාලම මත සිට  විදුලි පන්දම් දල්වා කැලණි ගඟ ඉහළ සිට  සැඩ පහරට හසුව ගසාගෙන එන කාන්තාව අල්ලා ගැනීම ට සමත්ව තිබේ.

‍අනතුරුව  ස්ථානාධිපතිවරයා සිය නිල ජීප් රථයෙන්ම අසාධ්‍ය තත්ත්වයේ සිටි දෙදරු මව නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තේය.

ඇය දිවි නසාගැනීමේ අරමුණින් ගඟට පැන්නාදැයි පරීක්ෂණ සිදු කරන බව පොලීසිය කියයි.

කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා

 

කාන්තාවගේ දිවි බේරූ  ෙසමන් අසිත  මහතා

 



අදහස් (8)

දෙදරුමව කැලණි ගගේ කිලෝ මීටර් 10ක් ගසාන යයි

Janahitha Thursday, 30 May 2024 08:31 PM

විශාල පිනක් ඔබතුමාට දිර්ඝ ආයුෂ ලැබේවා

:       0       71

ඉන්දික Thursday, 30 May 2024 11:09 PM

මෙන්න මිනිස්සු මල් තියලා වදින්න වටින. ඔබ දෙපලට පින්. අනිත් උදව් කල සැමටත් පින්

:       0       27

sunil Friday, 31 May 2024 02:48 AM

රාත්‍රියේ සැඩ පහරට ගසාගෙන ගිය ජීවිතක් බේරා ගැනීම සැබවින්ම අගය කල යුතු දෙයක්.

:       0       22

Nihal Friday, 31 May 2024 05:15 AM

පීනන්න දන්න අය වතුරට පැන්නට ගිලෙන්නේ නෑ,ඇය උදව් කල අසිත ඇතුළු සියලු දෙනාටම දීර්ඝායුෂ සහ ජය පතමි

:       0       18

swene Friday, 31 May 2024 05:45 AM

ප්‍රශංසනීයයි. එතුමාට විතරක් නොවෙයි මේ සද් කාර්යයට හවුල් වූ තරුණයාද ඇතුළුව සැමට පිං.

:       1       23

Nimal Friday, 31 May 2024 10:53 AM

සම්බන්ධ වූ සියලු දෙනාටම දිර්ඝායු වේවා

:       1       8

randil dunuwille Friday, 31 May 2024 11:38 AM

මේ දවස්වල කැළණි ගඟ දැක්කත් බයයි.

:       0       4

සාන්ත කරැනාතිලක Saturday, 01 June 2024 11:04 PM

මල්තියලා වඳින්න ඕන මිනිස්සු බුදු සරණයී දෙදෙනාටම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 696 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17857 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 761 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site