
(සුමිත් පොතුපිටිය)
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ වැඩ තහනමකට ලක්කර ඇත්තේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැතිවරණ රාජකාරි සඳහා යාකර සිටී තෙබුවන පොලිසියට තාවකාලිකව සිටී සැරයන්වරයෙකි.
කළුතර කොට්ඨාස ජේෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ අත්සනින් එකී වැඩ තහනම අද(06) දින සිට ක්‍රියාත්මක වන පරිදි නියෝගය පලකර ඇති බව සඳහන් වේ.
අදාළ සැරයන්වරයා පසුගිය ඔක්තෝබර් 22 දින රාත්‍රි 7 .30 ට පමණ නාර්තුපාන ප්‍රදේශයේ දී බීමත්ව සිය යතුරු පැදියෙන් යමින් සිටිය දී දෙදරු මවක යටකට පලාගොස් ඇති බවට තහවුරු වීමෙන් පසු මෙසේ වැඩ තහනමට ලක්කර තිබෙන බව පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරයි.
එකී සැරයන්වරයා බීමත්ව රිය පැදවීම, අනතුරක් සිදුකර පලායාම සහ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම යටතේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරියෙක් බීමත්ව රියදුරු බලපත්‍රයක් නැතුව අනතුරක් සිදු කර පලා ගිහින් වැඩ තහනම් නෙමෙයි මෙයාව වහාම සේවයෙන් පහ කළ යුතුයි
පුවත්පත් බැලුවොත් හැමදාම පොලිසියේ වරදක් වාර්තා වෙනවා... මෙහෙම ගියොත් ශ්‍ර්‍රී ලංකා පොලිසියට මොකද වෙන්නේ කියලා හිතාගන්න බැහැ..