IMG-LOGO

‘‘දෙදෙනකු නොව කෝටි දෙකක ජනතාව ආරක්ෂා කරන්න‘‘

(නිමල කොඩිතුවක්කු)

දෙදෙනකු ආරක්ෂා කරනවා වෙනුවට දෙකෝටියක් ජනතාව ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ කැපවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අද(30) පැවසීය.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත ජනතාව විසින් සිදු කරනු ලැබූ සාමකාමී අරගලයට එරෙහිව ආණ්ඩුව දුර්දාන්ත ලෙස මර්ධනය ආරම්භ කොට ඇතැයිද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ මොහොතේ වගකීමෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවත් රට තුළ පවතින වාතාවරණය හමුවේ කොළඹ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිදු කරමින් ඔහු මේ බව පැවසීය.

එකකට එකක් පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් සන්නද්ධ ආරක්ෂක අංශ ලවා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කොට ජනතාව මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව කැස කවමින් සිටින බවත් විපක්ෂනායකවරයා එහිදී කීවේය.

මේ මොහොතේත් සන්සුන්ව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් කටයුතු කරන්න යැයි ජනතාවගෙන්ද විපක්ෂනායකවරයා ඉල්ලා සිටියේය.

 



අදහස් (8)

‘‘දෙදෙනකු නොව කෝටි දෙකක ජනතාව ආරක්ෂා කරන්න‘‘

කිරි පුතා Wednesday, 13 July 2022 03:02 PM

බොඳ වූ ජනාධිපති සිහිනයේ අතරමංව මොහු මරු දොඩවන්නේය...

:       0       0

SUNIL MILANO Wednesday, 13 July 2022 03:13 PM

බලලෝභීකමේ හොඳම එක... ලෑස්තිවෙලා හිටියේ... ජනාධිපති වෙන්නනේ...!

:       0       0

මහසෙන් Wednesday, 13 July 2022 03:25 PM

ලියුම් ලියන්නයි, ප්‍රකාශ නිකුත් කරන්නයි, කයිය ගහන්නයි නම් කියාපු කෙනා. මොනවා නැතත්..., අද කොහේද හැංගිලා උන්නේ මේ වෙනකම්...!

:       0       0

BT Wednesday, 13 July 2022 04:05 PM

ඒ ගමන්ම පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවටත් කියමු අර ජනාධිපති මන්දිරයේ තියෙන කවිච්චිවලට කාබන් ටෙස්ට් එකක් කරලා බලන්න කියලා නේද? අවුරුදු 32කට වඩා පරණ නැහැ කියලා ප්‍රතිඵල ලැබෙයි කියලා තමයි සමහරු කියන්නේ...

:       2       12

Ranga Wednesday, 13 July 2022 04:28 PM

සජිත් ප්‍රේමදාස..! අඩුම ගානේ මේ මොහොතෙ ඉඳල වත් මෝඩ කතා කීම නවත්වන්න

:       11       29

ජයලත් Wednesday, 13 July 2022 04:54 PM

අනේ මෙහෙම අවස්ථවාදී මිනිස්සු

:       12       23

kasun Wednesday, 13 July 2022 05:38 PM

මෙහෙම අවස්ථාවාදී මිනිස්සු.

:       8       15

w'.thula Wednesday, 13 July 2022 06:31 PM

ජනාධිපති මන්දිරයේ තිබූ පෞරාණික පින්තූරත් ඒ කාලේ නැති වුණාලු නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 511 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 491 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site