(නිමන්ති රණසිංහ)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරින් කල්පගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ නිලධාරීන් විසිනි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ e NIMRA දත්ත පද්ධතිය සකස් කිරීමේ ගිවිසුම්ගත ආයතනය ලෙස එපික් ලංකා ටෙක්නොලොජි ආයතනය ගිවිසුම් ගත වී ඇත්තේ ඉකුත් 2018 මැයි මස 3 වැනිදා බවත්, මෙම ගිවිසුමේ වලංගු කාලසීමාව වන්නේ දින සිට වසර පහක කාලයක් ඉදිරියට බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු සඳහන් කළේය.
ඒ අනුව දත්ත පද්ධතියේ තොරතුරු මැකී යාම සම්බන්ධයෙන් මෙම සැකකරු ප්‍රශ්න කිරීම සඳහා කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව ද එම නිලධාරියා පැවසීය.
සැකකරු අත (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ e NIMRA දත්ත පද්ධතියේ ව්‍යාපෘති කළමනාකරු වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ද මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි .
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ e NIMRA දත්ත ගබඩාවේ ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන්ව ඇතැයි සඳහන් කරමින් එහි සභාපතිවරයා විසින් ඉකුත් 12 වැනිදා කරනු ලැබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය .
ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ත නිෂ්පාදන, විලවුන් නිෂ්පාදන, ඔසුසල් සහ ඖෂධ ප්‍රවාහනය සහ බෙදා හැරීම සඳහා ලියාපදිංචි කිරීම බලපත් නිකුත් කිරීම ඇතුළු කරුණු නියාමනය කරන ආයතනය බව ද පැමිණිල්ලෙන් සඳහන් කර ඇතැයි එම නිලධාරියා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටික දවසකින් නිදහස් වෙයි. ඕක වෙනුවෙන් ලැබිච්ච මුදල බැලුවම වැඩේ ගොඩ
මිට පෙර මේ පිලිබදව අප තොරතුරු කියවීමේදී මෙම මේ අය නිදහසට කරුණු ලෙස කියා තිබුනේ අත්වැරදීමකින් එසේ දත්ත මැකී ඇතිබවය. මෙය මොනතරම් හාස්‍ය උපදවන්නක්ද? පරිගණක ශිල්පය ඉගෙනීමේදී පලමු සිද්දාන්තයම මෙම "මුර්ගයන්" විසින් කඩාබිද දමා ඇත. නොඑසේ නම් මෙම පරිගණක පද්දතිය බාරදී ඇත්තේ බාලංශේ ඉගෙනුම ලබන දරුවෙකුටය.
මොන දේ වුනත් ආණ්ඩුවේ කට්ටිය කියන මුකුත් වෙලා නෑ කියලා මෙහෙම වංචාවන් සුදු හුණු ගාමින් රටක් ඉදිරියට යන්න පුලුවන්ද.?
සිදුවීම කෙසේ වී ඇතත් ඔය IT ආයතනය ඔය ගිවිසුමෙන් අයින් කරන්න, ලක්ෂ 11 දත්ත ඩිලීට් වෙලත් කිසිවෙකුට දැනුම්දීමක් නොකර මාස කිහිපයක් සඟවාගෙන සිටිය කියන්නේ කිසිම වගකීමක් බාරදීමට සුදුසු කට්ටියක් නෙමෙයි
ස්ථාන මාරුවක්??
ඒක 2018 යහපාලන ආණ්ඩු කාලේ කරපු ගිවිසුමක්.